මුද්‍රණය සඳහා

 
දිනම්ණ පුවත ගැන කටුනායක කලාප අධ්‍යක්ෂ කරුණු පහදයි

දිනම්ණ පුවත ගැන කටුනායක කලාප අධ්‍යක්ෂ කරුණු පහදයි

කටුනායක වෙළෙඳ කලාපයෙන් මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි මැයෙන් 2010 නොවැම්බර් 05 වැනිදා දිනමිණ ප්‍රාදේශීය පුවත් හි පලවූ ප්‍රවෘත්තිය පිළිබඳ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටුනායක කලාප අධ්‍යක්ෂ යූ. සිරිගම්පල මහතා කරුණු පැහැදිලි කිරීමේ ලිපියක් එවා ඇත.

එහි මෙසේ සඳහන් වෙයි.

මෙම ප්‍රවෘත්තියේ අඩංගු තොරතුරු සම්බන්ධයෙන් මා විසින් කටුනායක පොලිස් ස්ථානාධිපති ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගෙන් විමසීම් කරන ලද අතර කටුනායක ආයෝජන කලාපය තුළ එවැනි වැටලීමක් සිදු නොකළ බව ප්‍රකාශ කරන ලදී. එබැවින් මේ පුවත සාවද්‍ය බව ප්‍රකාශ කර සිටින අතර, එමගින් ආයෝජන කලාපයේ සේවය කරනු ලබන 50,000 ක් පමණ සේවක සේවිකාවන්ට අපහසුතාවන් ඇති විය හැකි බව ප්‍රකාශ කර සිටිමි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]