මුද්‍රණය සඳහා

 
විදේශිකයන්ට සිංහරාජය නැරැඹීමේ වරම්

විදේශිකයන්ට සිංහරාජය නැරැඹීමේ වරම්

දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට පැමිණෙන විදේශීය සංචාරකයන් දෙනියාය ප්‍රදේශයට පිටත් කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දකුණු පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශය තීරණය කැර ඇත.

කොග්ගල, උනවටුන, හික්කඩුව, වැලිගම, තංගල්ල සහ දෙවිනුවර ආදී මුහුදුබඩ සංචාරක ප්‍රදේශවලට පැමිණෙන විදේශීය සංචාරකයන්ට ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ වනාන්තරය ඇතුළු දෙණියාය ප්‍රදේශයේ සුන්දරත්වය නැරඹීමට ද අවස්ථාව ලබාදීම මේ වැඩපිළිවෙළේ අරමුණ බව දකුණු පළාත් සභාවේ සංචාරක ඇමැති යූ. ජී. ඩී. ආරියතිලක මහතා පැවැසීය. දෙනියාය ප්‍රදේශයට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා දෙනියායේ සංචාරක සැණකෙළි සමයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]