මුද්‍රණය සඳහා

 
‘ක්‍රීඩා මේලා’ සැණකෙළිය 27දා කොළඹ දී

‘ක්‍රීඩා මේලා’ සැණකෙළිය 27දා කොළඹ දී

ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධාන කරන “ක්‍රීඩා මේලා” සැණකෙළිය ටොරින්ටන් පෙදෙස ක්‍රීඩාංගණයේදී මේ 27 වැනිදා දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුහද හමුවක් හා විනෝදාත්මක වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව ක්‍රීඩා ඇමැති සී. බී. රත්නායක මහතා පැවැසීය.

කාලයක සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩාවට සම්බන්ධ විවිධ පුද්ගලයන් “ක්‍රීඩා මේලා” වැඩසටහනක් ඉල්ලා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙය පැවැත්වේ. මේ සඳහා මෙරට සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකි බව ක්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]