මුද්‍රණය සඳහා

 
චීන දැල් රකින්නා පාපන්දු ක්‍රීඩාලෝලීන්ගෙන් සමාව අයදී

චීන දැල් රකින්නා පාපන්දු ක්‍රීඩාලෝලීන්ගෙන් සමාව අයදී

ආසියානු ක්‍රීඩා උළෙලේ මූලික වටයේ තරගයකදී ගෝල 3 – 0 ක් ලෙස ජපානයට පරාජය වූ චීන පාපන්දු පිලේ දැල් රකින්නා වන වැංග් ඩලායි පරාජයෙන් අනතුරුව කුපිතව එරට මාධ්‍යවේදීන්ට හා ක්‍රීඩාලෝලීන්ට අසැබි වදනින් බැණ වදිමින් ක්‍රීඩාලෝලීහු සුනඛ රංචුවක් ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් එරට ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය.

යුරෝපීය සූරතාවලියේදී ඉන්ටර් මිලන් සහ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම නියෝජනය කළ 21 හැවිරිදි ඩලායිගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඔහුට තරග තහනමක් පැනවීමට ද එරට පාපන්දු බලධාරීන් තීරණය ගෙන තිබේ.

ජපානයට පරාජය වූ එම තරගයේදී ගෝල රකින්නා ලෙස කටයුතු කළ ඩලායිගේ දුර්වල ක්‍රීඩා රටාව හේතුවෙන් ඔහු ක්‍රීඩාලෝලීන්ගේ දැඩි කෝපයට හා මාධ්‍යවේදීන්ගේ විවේචනයට ලක්විය. ”මගේ අප්‍රසන්න කතාවෙන් මාධ්‍යයට හා ක්‍රීඩාලෝලීන්ට පොදුවේ චීන ජනතාවටත්, ඇතිවූ සිත් රිදීම පිළිබඳ මා අවංකවම සමාව ඉල්ලා සිටිනවා” ඩලායි පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]