|
||
බ්‍රිතාන්‍ය සරසවි අධ්‍යයන ගාස්තු තෙගුණයකින් ඉහළටපාලකපක්ෂ මූලස්ථානයට කඩාවැදී ශිෂ්‍යයෝ ජනෙල් කුඩු කරති
බ්‍රිතාන්‍යයේ සරසවි ශිෂ්‍ය ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව විරෝධය දක්වන පිරිස් පෙරේදා පාලක කොන්සර්වැටිව් පක්ෂ මූලස්ථානයට කඩාවැදී වීදුරු ජනෙල් පොඩි පට්ටම් කැර තිබේ. සමහරකු එහි වහලයට නැගගත් බව ද වාර්තා විය.පාර්ලිමේන්තුවට සමීප මෙම ගොඩනැගිල්ල අබියස ගිනි ගොඩක් ගැසූ ඔවුන් පසුව පොලිසිය සමඟ ගැටී තිබේ. මෙහි දී අතිරේක බලඇණි කැඳවීමෙන් පසු ප්‍රදේශයේ තත්ත්වය පාලනය කෙරී ඇත. වාර්තාගත අයවැය හිඟයක් පියවීමට කොන්සර්වැටිව් ලිබරල් සභාග රජය විසින් ඉදිරි සිවුවසර සඳහා අධ්‍යාපන වියදම් පවුම් බිලියන 81ක් කප්පාදු කිරීමට එරෙහි ව ඇතිවුණු පළමුවන ප්‍රචණ්ඩකාරී විරෝධය මෙය බව ප්‍රකාශිතය.ප්‍රංශය හා ග්‍රීසිය වැනි යුරෝපීය රටවල අය වැය කප්පාදු කිරීම්වලට එරෙහි ව නැගුණු විරෝධතා සමඟ සසඳනවිට බ්‍රිතාන්‍යයේ මෙතෙක් පැවතියේ නිහඬතාවකි. පක්ෂ මූලස්ථානයට කඩා වැදුණු සරසවි සිසුන් කියා තිබුණේ පූර්ව සමාකාමී විරෝධතාවලින් පලක් නොවීම නිසා මම පියවරට අනුගත වූ බවදය. ‘මෙය හුරතල් කිරීමට කාලයක් නොවන බවත් ක්‍රියාත්මක වීමට කාලය බවත්’ ඔවුහු කීහ. කෙසේවෙතත් විරෝධතා අරගලයේ දී පොලිසිය සිසුන් 32නකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසියේ 7ක් ඇතුළු පුද්ගලයන් 14 දෙනකු තුවාල ලබා තිබිණි. මූලස්ථාන වහලට නැඟගත්තවුන් පහළ සිටි පොලිසියට විරෝධතා පුවරු හා වෙනත් දෑ වලින් දමා ගසා ඇත. එංගලන්ත සරසවිවල අධ්‍යයන ගාස්තු තෙගුණයකින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ. ශිෂ්‍ය විරෝධතාවට සරසවි දේශකයන් ද එක්ව තිබිණි. ඔවුන්ගේ සටන් පාඨ අතර ‘ඔවුහු කපති අපි කොටමු’ වැනි ඒවා ද විය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |