මුද්‍රණය සඳහා

 
ලෙනාඩ් වුල්ප් එදා දුටු වරාය සිහිනය වසර 100කට පසු මහින්ද සැබෑ කරවයි

ලෙනාඩ් වුල්ප් එදා දුටු වරාය සිහිනය වසර 100කට පසු මහින්ද සැබෑ කරවයි

“තව වසර සියයකින්වත් හම්බන්තොටට නැව් වරායක් හදන්න කවුරු හරි ඉදිරිපත් වුණොත් ඒක මුළු රටේම අනාගතය යහපත් මාර්ගයකට ගෙනඑන්න කදිම මාර්ගයක් වනවා නොඅනුමානයි. හැබැයි හම්බන්තොට වරාය හදන එකට විවිධ හේතු නිසා අතගහන්න බොහෝ දෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ඒත් පොඩි මිනිහා, දුප්පත් අහිංසක මිනිස්සු ගැන හිතන නායකයෙක් පොදු මහජනතාව අතරින්ම බිහිවුණොත් හම්බන්තොට නැව් වරාය හදාවි. තව අවුරුදු සියයකින්වත් මේ හීනය හැබෑවේවායි කියා මං ප්‍රාර්ථනා කරනවා.” යනුවෙන් හරියටම මීට වසර 100කට පෙර එනම් 1910 වර්ෂයේ දී ප්‍රකාශ කළේ හම්බන්තොට සුදු ජාතික දිසාපතිවරයා වශයෙන් සිටි ලෙනාඩ් වුල්ෆ් මහතායි.

හරියටම වසර 100කට පසුව ලෙනාඩ් වුල්ෆ් මහතා එදා දුටු සිහිනය සැබෑවී ඇත. රුහුණු මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට ප්‍රථම නෞකාව පසුගිය 18 වැනිදා සේන්දු විය. ලෙනාඩ් වුල්ෆ් මහතා ප්‍රකාශ කළ ආකාරයටම මාගම්පුර වරායේ සිහිනය සැබෑ වී ඇත.

ඒ සිහිනය සැබෑ වූයේ වුල්ෆ් මහතා කියපු ආකාරයටම අහිසංක මිනිස්හු ගැන හිතන පොදුජන නායකයෙකු පොදු මහජනතාව අතරින්ම පත්ව තිබෙන නිසාය. ඒ පොදුජන නායකයා අන් කවරෙකුවත් නොව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.

මහින්ද රාජපක්ෂ වැනි නායකයෙකු මෙරටට පහළ නොවන්නට ලෙනාඩ් වුල්ෆ් මහතා ප්‍රකාශ කළ ආකාරයට මාගම්පුර ජාත්‍යන්තර වරාය අදටත් සිහිනයකි.

ලනාඩ් වුල්ෆ් මහතා 1910 දී හම්බන්තොට දිසාපතිවරයා වශයෙන් කටයුතු කරන විටද රුවල් නෞකා හම්බන්තොට ධීවර වරායට සේන්දුවී ඇත. එම නිසා මාගම්පුර වරාය අහම්බයක් නොව්.

මෙම ස්ථානයේ මීට වසර සියගානකට එපිට සිට වරායකට සුදුසු පරිසරය සැකසී තිබුණත් මෙය ජාත්‍යන්තර වරායක් ලෙස ඉඳි නොකිරීමට හේතු ගණනාවක් තිබුණි.

හම්බන්තොට වරායක් ඉදිරකිරීම පිළළිබඳව විවිධ විට සාකඡ්චා වූ සෑම අවස්ථාවකදීම මෙය ඉදිකිරීම අත්හැර දැමුවේ රටගැන පොදු මහජනතාව ගැන නොසිතූ බලධාරීන් ය.

ඇතැම් විදෙස් රටවලින් වරාය ඉදිනොකරන ලෙස ඉල්ලා ඩොලර් කුට්ටි ගණන් ලැබුණු නිසා එම බලධාරීන් හා දේශපාලන නායකයින් හැම විටම ක්‍රියා කළේ ඩොලර් කුට්ටි බලාගෙනය.

ඒ නිසා හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉඳිකිරීම පමාවීම පිටුපස තිබුණේ මෙම ඩොලර් ගනුදෙනුය. සාගර විශේෂඥයින් පවා හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉඳිකිරීමේ ප්‍රයෝජනය තර්කානුකූලව පෙන්වා දුන් අවස්ථාවලදීත් ඩොලර් මිටිවලට ලොල්වූ ඇතැම් දේශපාලනඥයන් හා බලධාරීන් මෙම වරාය ඉදිනොකරන තැනකට කටයුතු කළේ රටේ රන් දොරටුව වසා දමමිණි.

වර්තමානයේදීත් මාගම්පුර වරාය ඉදිකිරීමට එරෙහිව හඬ නගන්නේ ඩාලර් කුට්ටවලට යටවී සිටින මෙවැනි තුට්ටු දෙකේ දේශපාලඥයින්ය.

රටක ජාතික ආර්ථිකය නංවාලීම සඳහා යම් සංවර්ධන ව්‍යාපෘති සිදුකරනවානම් ඊට පක්ෂ පාට බේදයකින් තොරව සහාය ලබාදීම යුගයේ අවශ්‍යතාවයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නමුත් මාගම්පුර වරාය හෑල්ලු කරන ඇතැම් දේශපාලනඥයින් තවමත් නොදන්න කරුණක් වන්නේ ඔවුන් මේ වන විටත් ශ්‍රී ලාංකේය දේශපාලනයේ අවලංගු කාසිබවට පත්වී තිබෙන බවය.

මාගම්පුර වරායට ප්‍රථම නෞකාව සේන්දු වූ විට විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලඥයින් කතාකරනුයේ උණ විකාරයෙනි. ප්‍රථමයෙන්ම විදේශ නෞකාවක් නොමැතිව ජෙට්ලයිනර් සහ සේරුවිල නෞකා සේන්දුවීම ගැන ඔවුන් කරන කතාවලින් පෙන්නුම් කෙරෙනුයේ ඔවුන්ගේ තිබෙන විදේශගැතිභාවය හා දීන බවයි’ ඒ වගේම එම දේශපාලඥයින්ගේ කුහක බවද මෙම කතාවලින් මොනවට පැහැදිලි වේ.

තවත් දේශාපලන පක්ෂයක් ප්‍රකාශ කළේ බෝට්ටුවක් රුවල් නෞකාවත් බවට පරිවර්තනය කර තිබූ බවකි. මෙම දේශපාලඥයින් මේ කතාකරන්නේ මාගම්පුර වරායට එරෙහිවන විදේශ බලවේගවල වුවමනාවටද යන සාධාරණ සැකයක් මේ අවස්ථාවේදී ඇතිවීම වැළැක්විය නොහැකිය.

මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ මේ වන විට අවසන් වී ඇත්තේ පළමු අදියර පමණි. දෙවනි අදියර ආරම්භ කිරීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණේද පසුගිය 18 වෙනිදාය.

අදියර 3 කින් ඉදිකිරීමට සැලසුම්කර ඇති මාගම්පුර වරාය අංගසම්පූර්ණ වරායක් බවට පත්වීමට තවත් වසර 6 ක් පමණ ගතවනු ඇති නෞකාවලට පැමිණ බඩු ගොඩබෑම සඳහා අදාළ ගබඩා ඉදිකළ යුතුයි. ඊට අමතරව කන්ටේනර් පර්යන්ත ඉදිකිරීම හා ගොඩබෑමේ දොඹකර සවිකළ යුතුයි. එම කටයුතු ඊළඟ අදියරවලදී පියවරෙන් පියවර සිදුවනු ඇත.

එම කටයුතුවල මූලික සැලසුම් අවසන්වීමෙන් පසු විදේශීය නෞකා මාගම්පුර වරායට සේන්දුවීමට නියමිතයි. ලබන වසරේදී විදේශීය නෞකා කිහිපයක්ම මාගම්පුර වරායට සේන්දුවීම සඳහා දැනටමත් කැමැත්ත පළකර තිබේ.

පසුගිය 18 වෙනිදා ජෙට්ලයිනර් හා සේරුවිල නෞකා සේන්දුවූයේ මාගම්පුර වරායට නෞකා සේන්දුවිය හැකි බව අභිමානයෙන් යුතුව කියාපෑමටයි.

සමහරුන් කියා සිටියේ නෞකාවකට හම්බන්තොට වරායට ළඟාවීමටවත් නොහැකි බවයි. එම දුර්මතය බිඳ හෙළමින් ශ්‍රී ලංකාවේ අභිමානවත් බව මේ වන විට ලෝකයටම කියා පා ඇත.

18 වෙනිදා මාගම්පුර වරායට නෞකා සේන්දුවීමේ ඓතිහාසික බව උදාවීමටද ඇතම් දේශපාලඥයින් තුළ එතරම් කැමැත්තක් නැත්තේ ඔවුන්ගේ තිබෙන කුහකබව නිසාය.

වත්මන් ජනාධිපති ඒවගේම මාගම්පුර වරායේ නිර්මාතෘ මහින්ද රාජපක්ෂ මහාතගේ ජන්ම දිනයේ සුභ මොහොතින් නෞකා සේන්දුවීම රටට මහත් ආශිර්වාදයකි. නමුත් විරුද්ධ පක්ෂයේ ඇතැමුන්ට ප්‍රශ්නයක් වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය දවසේ මාගම්පුර වරායට ප්‍රථම නෞකාව සේන්දුවීම ගැනය.

රට ත්‍රස්තවාදයෙන් මුළුමනින්ම මුදාගෙන නව ශ්‍රී ලංකාවක් ඇතිකිරීම සඳහා යන ගමනේ නියමුවා වී සිටින මහින්ද රාජපක්ෂ මහතා එහි ජන නායකයෙකුගේ උපන්දිනය දවසේ නෞකා සේන්දුවීමට තරම් වෙනත් සුබ දිනයක් තිබේද ? එමනිසා කුහක දේශපාලනයෙන් දැන්වත් ඉවත්වීමට විරුද්ධ පක්ෂයේ ඇතමුන් දැන්වත් ක්‍රියාකළ යුතුයි.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන ජේ. ආර්.ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස යන මහත්වරුන් ඔවුන්ගේ ජන්ම දිනයට සමගාමීව ක්‍රියාත්මක කරන ලද ජාතික උත්සව වර්තමානයේ විරුද්ධ පක්ෂයට මතක් කරදීම කාලෝචිතය. සැප්තැම්බර් 17 වෙනිදා ජාතික රුක් රෝපණ දිනය වශයෙන් මීට වසර ගණනාවකට පෙර නම් කළේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ උපන්දිනය සැප්තැම්බර් 17 වෙනිදිනට යෙදී තිබුණු නිසාය.

රණසිංහ ප්‍රේමදාස මහතා ජීවතුන් අතර සිටින විට ජුනි 23 වෙනිදා සිට ජූලි 03 වෙනිදා දක්වා ගම් උදාව ප්‍රදර්ශනය පැවැත්වුණේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාගේ උපන් දිනය ජුනි 23 වෙනිදාට යෙදී තිබුණු නිසාය. මෙම උපන්දින උත්සව ගැන විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කළත් නොකළත් මේවාගැන කුහකහිතක් කිසිසේත්ම ඇතිකරගත යුතු නැත.

ජාතික රුක් රෝපණ වැඩසටහන රටේ අනාගතයට ඉතා වැදගත් එකකි. ජේ.ආර්.ජයවර්ධන මහතාගේ අභාවයත් සමඟම අභාවයට ගිය රුක්රෝපණ වැඩසටහන නව මුහුණුවරකින් රටේ අනාගතය වෙනුවෙන් යළි ආරම්භ කිරීමට මුල්වූයේ ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ය. “දැයට සෙවණ” රුක් රෝපණ ජාතික වැඩසටහන පසුගිය 15 වෙනිදා ක්‍රියාත්මක වූ අවස්ථාවේදී විනාඩි 11 ක් තුළ මෙරට සෑම ප්‍රදේශයකම පැළ ලක්ෂ 11 ක් සිටවීමට ක්‍රියාකළේ මුළු රටේම අනාගතය වෙනුවෙණි. සතරදිග් භාගයෙන්ම ලැබෙන තොරතුරුවලට අනුව මුළු ශ්‍රී ලංකාවේම එදින රෝපණය කර තිබෙන පැළ සංඛ්‍යාව ලක්ෂ 33 ක් බව වාර්තා වේ. එම නිසා

කුහක දේශපාලනයෙන් දැන්වත් විරුද්ධ පක්ෂය නියෝජනය කරන ඇතැම් දේශපාලන මහත්වරුන් ඉවත් නොවුණහොත් ඔවුන්ට පාඩම් ඉගෙනගැනීමට සිදුවන්නේ මේ රටේ පොදු ජනතාවගෙනි.

1912 වර්ෂයේදී දිසාපතිධූරයෙන් විශ්‍රාමගත් ලෙනාඩ් වුල්ෆ් මහතා යළි බ්‍රිතාන්‍ය බලා පිටත්වූයේය. ඔහු බ්‍රිතාන්‍යයට යාමට පෙර හම්බන්තොට දිසාපති කාර්යාලයේදී පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ තමා මිය යෑමට ප්‍රථම කෙසේ හෝ කවදාහරි යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. තමා සේවය කළ රටට යළි පැමිණ ටික දවසක් ගතකර යළි බ්‍රිතාන්‍යයට යන බවද වුල්ෆ් මහතා පැවසීය.

ඔහු අවසන් වශයෙන් ප්‍රකාශ කළේ හම්බන්තොට නැව් වරාය පිළිබඳවයි. “මං ආපහු කවදාහරි ශ්‍රී ලංකාවට එනකොට හම්බන්තොට මේ නැව් වරාය හදල තිබුණොත් මං හුඟක් සතුටු වේවි. මං මේ ගැන බ්‍රිතාන්‍යයටත්, ශ්‍රී ලංකාවේ බලධාරීන්ටත් දැනුම් දෙනවා” යනුවෙන් ලෙනාඩ් වුල්ෆ් මහතා ශ්‍රී ලංකාවෙන් පිටත්වයාමට පෙර අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.

1960 දශකයේ එක්තරා දිනක හම්බන්තොට හිටපු දිසාපති ලෙනාඩ් වුල්ෆ් මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන්නේය. ශ්‍රී ලංකාවේදී වැඩිම කාලයක් හම්බන්තොට ප්‍රදේශයේ සේවය කළ ඔහු ඒ නිසා මුලින්ම යන්නේ හම්බන්තොටටයි. ඉන්පසුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකටම යන ඔහු ලොග් සටහන් පොතේ සටහන් කිරීමට ද අමතක කරන්නේ නැත.

ඔහු යළිත් වරක් කම්පාවට පත්වෙන්නේ හම්බන්තොට ධීවර වරාය අසලට පැමිණි පසුය. “මං එදා යෝජනා කරපු හම්බන්තොට නැව් වරාය තවම හදලා නැහැ. මේ වරාය හදන එක ප්‍රමාද කිරීම ජාතික අපරාධයක්. විවිධ හේතු කියලා මේ වරාය හදන එක පමා කරන්න හොඳ නැහැ. මට වැඩි කාලයක් ජීවත්වෙන්න පුළුවන් වෙන එකක් නැහැ. මේ වරාය කවදාහරි නියම පාලකයෙක් ඇවිල්ලා හදන කාලෙක මට බලන්න බැරිවීම ගැනයි, මං කණගාටු වෙන්නේ. කොහොම හරි වසර 2000 දී හෝ 2010 වෙනකොටවත් හම්බන්තොට නැව් වරාය හදන්න බලධාරීන්ගේ අවධානය යොමු වේවා” යනුවෙන් ලෙනාඩ් වුල්ෆ් මහතා ප්‍රකාශ කළේය.

ඒ නිසා හම්බන්තොට දිසාපති ලෙනාඩ් වුල්ෆ් මහතා එදා ප්‍රකාශ කළ අනාවැකිය අද හරියටම නිවැරදි වී ඇත. “අහිංසක මහජනතාව ගැන හිතන පතන පොදුජනතාව තුළින්ම නැගී එන නායකයෙකු කවදාහරි හම්බන්තොට වරාය ඉඳිකරාවි” යනුවෙන් එදා කළ ප්‍රකාශය අද සත්‍ය වී ඇත. ඒ නිසා මාගම්පුර වරාය පිළිබඳව කුහක ආකාරයෙන් බලන විරුද්්ධ පක්ෂයේ ඇතැම් දේශපාලනඥයින්ට ප්‍රකාශ කිරීමට ඇත්තේ එකම කාරණයයි. රටක ජාතික සංවර්ධනයට එරෙහිවීම තරම් තවත් කුහක තවත් දේශද්‍රෝහී බවක් නොමැති බවයි.

කාලයක් විවිධ විදෙස් බලපෑම්වලටද, කාලයක් ඩොලර් කුට්ටිවලටද යටත් වී මාගම්පුර වරාය ඉදිකිරීම දිනෙන් දින කල් දැමූ සියලුදෙනාගේ ඇස් දැන් ඇරෙන්නට පටන්ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මාගම්පුර වරාය ඉදිකිරීමේ අභියෝගය බාරගෙන එය නිසිආකාරයෙන් ඉටුකර ඇත. මාගම්පුර වරායේ වැදගත්කම එය රටේ ආර්ථිකයට බලපාන ආකාරය ගැන මීට වසර 100 පෙර ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් ලිඛිතවම ප්‍රකාශ කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතාද තරුණ දේශපාලනඥයෙකුව සිටි කාලයේ සිටම ඔහුතුළ හම්බන්තොට වරාය පිළිබඳව සිහිනයක් තිබුණේය. මෙම වරාය කෙසේ හෝ ඉදිකර එහි ප්‍රතිලාභ මේ රටටත් මහජනතාවටත් කෙසේ හෝ ලබාදිය යුතුයි කියා මහින්ද රාජපක්ෂ තරුණයා ඒ කාලයේ සිටම අදිටන් කරගත්තේය.

තරුණ නීතිඥවරයෙකු වශයෙන් හම්බන්තොට දිසා අධිකරණයේ නඩුවලට පෙනී සිටිනවිට මහින්දරාජපක්ෂ මහතා හම්බන්තොට කච්චේරි භූ®මියට නිතරම පැමිණියේය. හම්බන්තොට කච්චේරි භූ®මියට මුහුද හා වරාය ඉදිකිරීමට සැලසුම් කර තිබූ භූ®මිය ඉතා හොඳින් දිස් වේ. කච්චේරි භූමියට ඇතුළුවන බොහෝ අවස්ථාවලදීද මහින්ද රාජපක්ෂ තරුණ නීතිඥයා මුහුද දෙස බලා සිටියේ හම හම්බන්තොට නැව් වරාය කවදාහෝ ඉදිකරන බව දැඩි අධිෂ්ඨානය හිතේ ඇතිකරගෙනය.

ලෙනඩ් වුල්ෆ් සුදු ජාතික දිසාපතිවරයා සිටින කාලයේ දී හම්බන්තොට අති දුෂ්කර පළාතකි. හම්බන්තොට ප්‍රදේශයේ එක්තරා ගමක ඔහුගේ අත්දැකීම් පදනම් කරගෙන බැද්දේගමමඪතතචඨඥ ධට බඩඥ ණභදඨතඥකෘතිය ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් රචනා කරන ලදී. එම ගම්මානයේ මිනිසුන් පීඩා විඳි දුෂ්කර ජීවිතය පිළිබඳව වුල්ෆ් මහතා විසින් මනාව පෙන්නුම්කර තිබිණ. ඒ දුක විඳපු මිනිසුන්ගේ ජීවිත සැපවත් කිරීම සඳහා ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් කරන ලද යෝජනාවලින් හම්බන්තොට වරායට හිමිවෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. නමුත් ඇතැම් දේශපලනඥයින් මිනිසුන්ගේ ප්‍රශ්න විසදන යාන්ත්‍රණයක් සකස් කරනවාට අකමැතිය. ඊට හේතුවක් තිබේ.

ජනතා ප්‍රශ්න විකුණාගෙන කන දේශපාලනඥයින්ගේ හොද්ද බොර වන්නේ ජනතා ප්‍රශ්න තිබෙන විටය. ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් හැමදේකටම විරුද්ධ වන්නේ මෙම න්‍යාය නිසාය. හම්බන්තොට වරායක් ඉදිකර එමගින් දකුණු පළාත ඇතුළු මුළු රටම සංවර්ධනය වනවාට ජනතා විමුක්ති පෙරමුණ අකමැතියි.

ජනතා ප්‍රශ්න විසැඳී රට නව ආර්ථිකයක් කරා ගමන්කරන විට රැකිරක්ෂා ප්‍රශ්නයටද සාර්ථක විසැඳුම් හිමිවේ. හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායෙන් අපේක්ෂිත රැකියා ප්‍රමානය දහස් ගණනකි. මෙමගින් වක්‍ර රැකියාද ලක්ෂ ගණනක් හිමි වේ. රැකියා ප්‍රශ්නය විසඳුනොත් ජනතා විමුක්ති පෙරමුණට තිබෙන ඡන්ද ටිකත් අහිමි වන්නේ ය. හංදියක් හංදියක් ගාණේ කැට හොල්ලන්ට, තාප්ප ඉවරවනතුරු පෝස්ටර් ගැසීමට කොල්ලෙක්වත් හොයාගැනීමට ජනතා විමුක්ති පෙරමුණට හැකිවන්නේ නැත.

ජනතා විමුක්ති පෙරමුණට රට ගොඩනංවන දේශාපලනයාට යොමුවීමට වඩා ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට එරෙහි දේශපාලනයකට ප්‍රවිශ්ට වී සිටින්නේ එම නිසාය. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ සිටම මේ රටේ කිසිම සංවර්ධන ව්‍යාපෘතියකට සහාය නොදැක්වුවේද මෙම යථාර්ථය නිසාය. ඒ නිසා හම්බන්තොට මාගම්පුර වරාය නිර්මානය වනවාට ජනතා විමුක්ති පෙරමුණ අකමැතිවන්නේද මේ නිසාය. ලෙනාඩ් වුල්ෆ් මහතාගේ කාලයේ දී මෙන් හම්බන්තොට දුෂ්කර ප්‍රදේශවල මහජනතාව හැමදාමත් පීඩාවෙන් පත්ව සිටිනු දැකීමට ජනතා විමුක්ති පෙරමුණ දැඩි කැමැත්තක් දක්වන්නේද මේ නිසාය.

ඒ වගේම හම්බන්තොට වරාය ඉදිකිරීමට එරෙහිව මංගල සමරවීර මහත්තයලා විරුද්ධත්වය දක්වන්නේ මෙමගින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි තබන ජනතා විශ්වාසය තව තවත් වැඩිවනු නිසාය. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් හම්බන්තොට මාගම්පුර වරායට එරෙහිව අදහස් පලකරන්නේ ඇතැම් විදේශ රටවල වුවමනාවට බව රහසක් නොවේ. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් කුට්ටි ගණන් ඔවුන්ට හිමිවේ.

මේ කාලකන්ණි දේශාපලනඥයින්ගෙන් මේ රට බේරාගෙන නව ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ අභියෝගයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සාර්ථකව මේ වන විට මුහුණ දී සිටී. හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය ඉන් එක් අභියෝගයක් පමණි. ඒ අභියෝගය මේ වන විට සාර්ථකව ජයගනිමින් ඇත.

මාගම්පුර ජාත්‍යන්තර වරාය තුළින් ලෝක සිතියමේ සලකුණක් තැබීමට හැකිවී ඇත. මෙම සළකුණ හරහා හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය ආර්ථික මර්මස්ථානයක් බවට පත්වන විට එමගින් මුළු රටටම ලැබෙන ප්‍රතිලාභ බොහෝය. එවිට සුළු පිරිසක් හෝ රැවැට්ටීමට විරුද්ධ පක්ෂයට ඛ්ැකිවන්නේ නැත. ත්‍රස්තවාදය පරාජය කිරීම පමණක් නොව රට නව ආර්ථිකයකට යොමුකිරීමේ සැලසුම් ද පසුගිය වසර 5 තුළ ඉටුකිරීමට ජනාධිපතිතුමාට හැකිවිය. දෙවන පදවි ප්‍රාප්තියෙන් පසුව මීළඟ වසර 6 තුළදී මෙරටට ලැබෙන ප්‍රතිලාභ තවතවත් වැඩිවීම කිසිවෙකුටත් වැළැක්විය නොහැක.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]