සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීමට සැකසූ

රට හදන අය වැය

රාජ්‍ය සේවයට උපාධිධාරින් 10,000ක්
රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් වැඩිවේ
රණවිරු පවුල් සුබ සාධනයට රුපියල් මිලියන 3000ක්

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමේ ගමනට අඩිතාලම දමමින්, ගමේ දියුණුවට මඟපාදන යෝජනා රැසකින් යුතු සංවර්ධනයට ජවසම්පන්න ධෛර්යයක් ලබාදෙන ජනතාවට උපරිම සහන ලබාදෙන අයවැයක් ජනාධිපති සහ මුදල් අමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. වසර 2011 මේ රටේ මානව සම්පතේ උපරිම ප්‍රයෝජන රටට හිමිකර ගැනීම ඉලක්ක කළ, නව ආයෝජන හා දිරිගැන්වීම් ඔස්සේ රට වැසියන්ට දීප්තිමත් අනාගතයක් උරුම කිරීම අයවැයේ අරමුණ යැයි ජනාධිපතිවරයා කීය.

විස්තර »

අයවැය ඉදිරිපත් කිරීමට පැමිණි
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි ධුර කාලසීමාවේ මංගල අයවැය, පාර්ලිමේන්තුවට ඊයේ (22) ඉදිරිපත් කෙරිණි. ජනාධිපතිවරයා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණි අවස්ථාවයි මේ.
ඡායාරූපය - සුදත් සිල්වා

පිය සෙනෙහස

ගරු කතානායකතුමනි,

ඔබතුමා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මුලාසනය හොබවමින් මෙම සභාව මෙහෙයවන මේ අවස්ථාවේ මට මැවී පෙනෙන්නේ ඔබ අසුනේ වරක් නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් සිටි දිවංගත ඩී. ඒ. රාජපක්‍ෂ මාගේ පියතුමන්ගේ ප්‍රතිරූපයයි.
ඊට වසර කිහිපයකට පෙර අපගේ සංස්කෘතිය සාරධර්ම හා අනන්‍යතාව රැකගෙන ශ්‍රී ලංකාව ආසියාවේ සැබෑ නිදහස හා සමෘද්ධිමත් රටක් කිරීම උදෙසා නායකත්වය දීමට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා සමග මගේ පියා සහ තවත් පිරිසක් විරුද්ධ පක්‍ෂයට එක්වූ ආකාරයත් මට සිහිපත් වෙනවා.

නව කැබිනට් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්


නව කැබිනට් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (22) පෙරවරුවේ සිදු විණි. දිවුරුම් දීමෙන් අනතුරුව නව අමාත්‍යවරු ජනාධිපතිවරයා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
ඡායාරූපය - සුදත් සිල්වා

අය වැය සාරාංශය 2011

මුළු ආදායම රුපියල් බිලියන 986.1
මුළු වියදම රුපියල් බිලියන 1419.9
අයවැය හිඟය රුපියල් බිලියන 433.7
අයවැය හිඟය (ද.දේ.නි ප්‍රතිශතයක් ලෙස) සියයට 6.8

බැලූ බැල්මට අය වැය

වසර 2005 – 2010 කාලය තුළ මේ රටේ ආර්ථික වර්ධනය පිළිබඳ අයවැය ලේඛනයෙන් උපුටාගත් සංක්‍ෂිප්ත සටහනකි මේ.

  • වසර 2005 දී සියයට 15.2ක් වූ දිළිඳුකම 2010දී සියයට 7.6 අඩු කැරිණි.
  • වසර 2005 දී වතුකරයේ දුප්පත්කම සියයට 32කි. එය වසර 2010 දී සියයට 9.2 දක්වා අඩුකැරිණි.
  • වසර 2006 දී මෙරට පැවැති විදුලිබල පහසුකම් සියයට 78කි. එය වසර 2009 වන විට සියයට 83

විස්තර »

නව ඇමැති මඬුල්ල දිවුරුම් දෙයි

අගමැති පදවියට යළිත් දි. මු.

ප්‍රවීණයන් 9කට ජ්‍යෙෂ්ඨ ඇමැති පදවි

ඇමැතිවරු 51යි  නියෝජ්‍ය 31යි

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු 9 දෙනෙක් ඇමැතිවරු 51 දෙනෙක් ඇතුළු 60 දෙනෙකුගෙන් සමන්විත නව ඇමැති මණ්ඩලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (22) දිවුරුම් දුන්හ. ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරුන් 31 දෙනෙකි. ජනාධිපතිවරයා සිය දෙවැනි ධුර කාලය වෙනුවෙන් දිවුරුම් දීමෙන් අනතුරුව නව ඇමැති මණ්ඩලය තෝරාපත් කර ගැනිණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වැනි වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කොට ආරක්ෂා කරන බවට සාමූහික ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව දිවුරුම් දීමේ කටයුතු ඇරඹිණ.

විස්තර »

ජනතාවගේ ආරක්‍ෂකයා මෙන්ම වගකිවයුත්තාත් මමයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2009 ජූලි 4 කොළඹ දී



වෙළඳ දැන්වීම් . . . .