මුද්‍රණය සඳහා

 
මරණ දැන්වීම්




 

ස්වර්ගස්ථවීම්

ගරු මරියා ඩිලෙක්ටා මව්තුමිය ලංසිගම වැඩිහිටි නිවාසයේ ආරම්භක සොහොයුරියක් ස්වර්ගස්ථ වූවාය. අවසාන කටයුතු ලංසිගමදී 24 වන බදාදා ප. ව. 3.30 ට.

 

මරණ දැන්වීම්

ඒ. ඒ. ඩී. පෙරේරා (පැල්මඩුල්ල කාමරංගාපිටිය උඩකඩ තේ කර්මාන්තශාලාධිපති, සාම විනිසුරු) නැසීගිය සුමනා පෙරේරා මැතිනියගේ දයාබර ස්වාමිපුරුෂයාවූද, ලක්මිනි අල්ගම අලස්ගේ ආදරණීය පියාණන්වූද. ලක්ෂ්මන් අලස්ගේ ආදරණීය මාමණ්ඩියවූද, මිගාර සහ කවීෂාගේ දයාබර සීයාවූද. ඒ. ඒ. ඩී. පෙරේරා මැතිතුමා අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු 24 වෙනි බදාදා සවස 3.00 ට පැල්මඩුල්ල ආදාහනාගාරයේදී සිදුකෙරේ. නිවසින් පිටත්වීම සවස 2.30 ට උඩකන්ද, කාමරංගපිටිය.

ලයනල් ගුණසේකර (ඇතුල් කෝට්ටේ, එක්ස්ප්‍රස් ඩිලිවරි සේවයේ අයිතිකරු) කාන්තිගේ ආදරණීය ස්වාමිපුරුෂයාවූද, නිලන්ති සහ අනුෂ්කගේ ආදරණීය පියාණන්වූද, ප්‍රිස්ලි සහ හර්ෂනිගේ ආදරණීය මාමණ්ඩියවූද, ලයනල් ගුණසේකර මහතා (62) අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ අවසන් කටයුතු 2010.11.24 දින සවස 4.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ. 29/11, පාසැල් මාවත, මහින්දාරාම පාර, ඇතුල්කෝට්ටේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]