|
||
වාමාංශික පෙරළිකාර ‘වාසුදේව නානායක්කාර’ ප්‍රථමවරට ඇමැති තනතුරකටවාමාංශික දේශපාලනයේ පෙරැළිකාර නායකයකු වන වාසුදේව නානායක්කාර මහතා ඇමැතිවරයකුª ලෙස ප්‍රථමවරට ඊයේ (22) පාර්ලිමේන්තුවට පැමිණියේ ය. ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැතිවරයා වශයෙන් වාසුදේව නානායක්කාර මහතා ඊයේ (22) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පෙරළිකාර දේශපාලනඥයකු වූ වාසුදේව නානායක්කාර මහතා දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු හෝ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙනි. ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැතිවරයා වශයෙන් ඊයේ පාර්ලිමේන්තුවට පැමිණි වාසුදේව නානායක්කාර මහතාට පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් සුබ පැතුම් එක් කළහ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |