රඹුක්කන දුම්රිය පොළේ තෙවන වේදිකාව පැති බැම්මට සීමා වෙලා

රඹුක්කන දුම්රිය පොළේ තෙවන වේදිකාව පැති බැම්මට සීමා වෙලා

භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී අපහසුතා

දුම්රියෙන් බඩු ප්‍රවාහනය කිරීමට දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින්

රඹුක්කන දුම්රිය ස්ථානයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී හා දුම්රිය ස්ථානයෙන් ආපසු රැගෙන යෑමේදී මගීහු අපහසුතාවට පත්වන බව කියති.

එයට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ භාණ්ඩ හුවමාරු කිරීමේදී නිසි මාර්ග පහසුකම් නොමැතිකමයි.

මෙයට පිළියමක් ලෙස 2006 වර්ෂයේ රඹුක්කන දුම්රිය ස්ථානයේ තෙවන වේදිකාවක් ඉදිකිරීමට මුල පිරුවද වසර හතරකට ආසන්න කාලයක් ගතව ඇතත් තවමත් ඉදිකර නැත. අදටත් එහි පැති බැම්ම දක්නට ලැබේ.

ආරම්භ කළ තෙවන දුම්රිය වේදිකාව කැලෑවැවී තිබෙන අයුරු.

දුම්රිය ස්ථානයට භාණ්ඩ රැගෙන ඒමේදී ප්‍රධාන මාර්ගයේ සිට තරප්පු පෙළ ඔස්සේ නැග ඒමට සිදුව තිබේ. තරප්පු පෙළ ආසන්නයට වාහනයකින් පැමිණ දුම්රිය මාර්ගය හරහා වේදිකාවට යෑමට සිදුව තිබේ. වෙනත් දුම්රිය ස්ථානයන්හි භාණ්ඩ හුවමාරුවට ගබඩාව පිහිටා තිබෙන්නේ මාර්ග පහසුකම් ඇති ස්ථානයකය.

මෙහි ඉදිකිරීම් පොල්ගහවෙල ගොඩනැගිලි අංශය මගින් සිදු කරනු ලබයි.

රඹුක්කන දුම්රිය ස්ථානය වඩාත්ම වැදගත් වන්නේ ශීඝ්‍රගාමී සහ මන්දගාමී දුම්රිය මෙහි නතර කරන නිසාය.

වසර 145 ක් පැරැණි රඹුක්කන දුම්රිය පොළේ මගී පහසුකම් කිසිවක් හරිහැටි නැති බව මගීහු කියති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා