|
||
‘සූප සෙවණ’ තරගාවලියේ ප්‍රථම ස්ථාන දෙකක් කඹුරුගොඩ කනිටු විදුහලට2009 හොරණ අධ්‍යාපන කලාප “සූප සෙවණ” ගෘහ ආර්ථික විද්‍යා තරගය සහ ක්‍රියාකාරී ගෘහ නිර්මාණ ශිල්පි තරගවලින් ප්‍රථම ස්ථාන හිමිකර ගැනීමට බණ්ඩාරගම කඹුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබන ඩබ්ලිව්. ජේ. ජී. හසංක සංජීව සිසුවා සමත් වී ඇත.
අපතේ යන තේ කුඩු මංඩි, වියළි ගස්ලබු කොළ, ගස් ලබු කඳ, පොල්කටු වැනි ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගෙන ඔහු මේ නිර්මාණය ඉදිරිපත් කර තිබේ. බෙරකුරු, කසකරු, බොරුකකුල්කරු,ගිනි බෝලකරු හා නැට්ටුවෝ දෙදෙනෙක් සහිත දළඳා පෙරහරේ දර්ශනය සහිත බිත්ති සැරසිල්ල ද චෛත්‍යයක අකෘතියද ප්‍රථම ස්ථාන දිනූ නිර්මාණය අතර වේ. 2008 වර්ෂයේ පැවැති මෙවැනිම තරගාවලියෙන්ද ප්‍රථම ස්ථානය ලැබුවේ හසංක සංජීව ඉදිරිපත් කළ බිත්ති සැරසිල්ල වීම විශේෂත්වයකි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |