|
||
විස්සයි 20 තරගාවලියේ ජය එංගලන්ත කාන්තා පිලටසංචාරක එංගලන්ත කාන්තා පිල හා ශ්‍රී ලංකා කාන්තා පිල අතර ඊයේ (22) එන්.සී.සී. පිටියේ පැවැති දෙවැනි හා තුන්වැනි විස්සයි 20 තරග ජයග්‍රහණය කළ එංගලන්ත පිල තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය 3 – 0 ක් ලෙස ජය ගැනීමට සමත්විය. ඊයේ පෙරවරුවේ පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් ලකුණු 17 ක ජයක් වාර්තා කළ එංගලන්තය පස්වරුවේ පැවැති තුන්වැනි තරගයෙන් ලකුණු 89 ක ජයක් ලැබීය.
දෙවැනි තරගය එංගලන්තය – 114 (ඕවර 19.5) ලෝරා මාෂ් 30 (ශෂිකලා සිරිවර්ධන 15/2) ශ්‍රී ලංකාව - 97 (ඕවර 20) ඉනෝකා ගලගෙදර 28 (ලෝරා මාෂ් 15/2, ඩැනියෙල් යැට් 18/2)
. තුන්වැනි තරගය එංගලන්තය – 160/5 (ඕවර 20) ජෙනී ගන් 69, ඩැනියෙල් යැට් 27 ශ්‍රී ලංකාව - 71 (ඕවර 18.3) දිලානි මනෝදරා නොදැවී 25 (ඩැනියෙල් හැස්ල් 14/3) |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |