මුද්‍රණය සඳහා

 
ඩිවිලියර්ස්ගෙන්  වාර්තාවක්

ඩිවිලියර්ස්ගෙන්  වාර්තාවක්

දකුණු අපි‍්‍රකානු පිලේ ප්‍රහාරාත්මක පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස් දකුණු අපි‍්‍රකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු ලැබූ පිතිකරු ලෙස වාර්තා පොතට එක්විය. පාකිස්තානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී නොදැවී ලකුණු 278 ක් රැස් කරමින් මේ වාර්තාවට හිමිකම් කීමට ඩිවිලියර්ස් සමත් විය.

ඊට පෙර දකුණු අපි‍්‍රකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමක වැඩිම ලකුªªණු ප්‍රමාණයක් වාර්තා කරනු ලැබුවේ නායක ග්‍රෙහැම් ස්මිත් විසිනි. ඔහු එංගලන්තයට එරෙහිව බර්මින් හැම් හිදී 2003 වසරේ පැවැති ටෙස්ට් තරගයකදී ලකුණු 277 ක් රැස් කළේ ය. 24 හැවිරිදි ඩිවිලියර්ස්ගේ ලකුණු 278 ට හතරේ පහර 23 ක් හා හයේ පහර 6ක් ඇතුලත් වූ අතර ඔහු පන්දු 418 කට මුහුණ දුන්නේ ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]