මුද්‍රණය සඳහා

 
උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම ත්‍රිකුණාමලයට

උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම ත්‍රිකුණාමලයට

උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසමෙහි සැසිවාර ලබන 03 වැනිදා සිට දින තුනක් පුරා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට නියමිතය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ස්ථාන හතරක මෙම සැසිවාර පැවැත්වෙනු ඇත.

ත්‍රිකුණාමලය කච්චේරියේ දී 03 වැනිදා දවස පුරා සාක්කි විමසීම සිදු කෙරෙයි. මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 04 වන දින පෙරවරුවේ රැස්වන කොමිසම සාම්පූර් ප්‍රදේශයෙහි නිරීක්‍ෂණ චාරිකාවක එදින පස්වරුවේ නිරතවීමට නියමිතය.

කච්චුවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 05 වැනිදා සාක්කි විමසීම් සිදු කරනු ලැබේ. මෙහිදී සාක්කි ලබා දීම සඳහා විශාල පිරිසක් පැමිණෙතැයි අපේක්‍ෂා කරන බව එම කොමිසම පවසයි.
 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]