මුද්‍රණය සඳහා

 
කෝටි ගණනක් වටිනා රන් හා විදේශීය මුදල් රටින් පිට කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වෙයි

කෝටි ගණනක් වටිනා රන් හා විදේශීය මුදල්
රටින් පිට කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වෙයි

රුපියල් 57,817,527ක් වටිනා රන් බිස්කට් හා විදේශීය මුදල් තොගයක් ඊයේ (30) අළුයම රටින් පිට කිරීමට උත්සාහ කිරීමේදී රේගු භාරයට පත්ව ඇත. ගුවන් යානාවලට ආහාර සපයන ආයතනයක නිලධාරීන් තිදෙනකු මේ සමග අත් අඩංගුවට ගත් බව රේගුව කියයි. අත් අඩංගුවට ගත් රන් බිස්කට් ගණන 50කි. එහි වටිනාකම රුපියල් 27,750,000ක් බව රේගුව පවසයි.

විදේශීය මුදල් වල වටිනාකම රුපියල් 30,067527 ක් බව රේගු අධිකාරි පරාක්‍රම බස්නායක මහතා පැවසීය. යුරෝ , සෞදි රියාල් අරාබි ඩිරාම්ස්, කුවේට් ඩිනාර් ස්ටරලින් පවුම්, ස්විස් ෆ්‍රෑන්ක් ඕස්ට්‍රේලියන් ඩොලර් අත්අඩංගුවට පත් මුදල් අතර වන බව රේගුව පවසයි.

ඩුබායි බලා ඊයේ (30) අළුයම පිටත් වීමට නියමිතව තිබූඡ්ම් 349 ගුවන් යානයෙන් ගමන් ගන්නා ගුවන් මගියකුට බාරදීම සඳහා මෙම මුදල් රැගෙන යාමේ දී ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව රේගු අධිකාරි පරාක්‍රම බස්නායක මහතා පැවසීය.   

ගුවන් තොටුපළ රේගුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]