මුද්‍රණය සඳහා

 
බොල්ගොඩ දී කතුන් දෙදෙනකුට මරු කැඳවා පලා ගිය රිය හා රියැදුරු අත්අඩංගුවට

බොල්ගොඩ දී කතුන් දෙදෙනකුට මරු කැඳවා පලා ගිය රිය හා රියැදුරු අත්අඩංගුවට

පාණදුර, හොරණ පාරේ බොල්ගොඩ දී කාන්තාවන් දෙදෙනෙකු හප්පා මරණයට පත් කළ මෝටර් රථය සහ එහි රියැදුරු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (30) උදෑසන බණ්ඩාරගම, මිරිස්වත්ත මෝටර් රථ ගරාජයක දී අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 23 වැනිදා රාත්‍රියේ සිදු වූ මෙම මාරක රිය අනතුරින් බොල්ගොඩ පදිංචි රොසලින් වික්‍රමසූරිය (72) සහ මාග්‍රට් ප්‍රනාන්දු (69) යන කාන්තාවන් ජීවිතක්‍ෂයට පත් වූ අතර එම අවස්ථාවේ දී මෝටර් රිය තුළ රියදුරු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු බීමතින් සිටි බව හෙළි වී තිබේ.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත්ත එදිරිසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායම විසින් මේ රථය සහ රියැදුරු අත්අඩංගුවට ගත් අතර තව දුරටත් පොලිස් පරීක්‍ෂණ පැවැත්වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]