මුද්‍රණය සඳහා

 
මරණ දැන්වීම්




අධිනීතිඥ ආර්. ඒ. කේ. පෙරේරා මහතා -
බණ්ඩාරගම බැල්ලන්තුඩාව. 2010.11.28 දින අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ අවසන් කටයුතු 2010.12.02 බ්‍රහස්පතින්දා ප. ව. 2.00 බැල්ලන්තුඩාව පොදු සුසාන භූමියේදී සිදුකරන බව සියලු ඥාතිමිත්‍රාදීන් වෙත සංවේගයෙන් දැනුම් දෙමු. ශෝකයට පත් භාර්යාව සහ දරුවන්.

කල්‍යාණි වීරකෝන් මිය - අධ්‍යක්ෂ (මුදල්) අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - පේරාදෙණිය මධ්‍යම පළාත් සභාවේ විගණන අධ්‍යක්ෂ ඒ. ආර්. සෙනෙවිරත්න බණ්ඩා මහතාගේ භාර්යාව වූද, රන්දිකා අතාවුද (මහජන බැංකුව - දෙල්තොට) ලක්ෂිකා අතාවුද (පුෂ්පදාන බාලිකා විද්‍යාලය - මහනුවර) යන අයගේ ආදරණීය මෑණියන්වූද, චන්ද්‍රානි වීරකෝන් (කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - ගම්පල) නන්දා වීරකෝන් (තාක්ෂණ නිලධාරී යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය) යන අයගේ සහෝදරිය වූද, ඩී. එම්. සී. දිසානායක (ප්‍රධාන ගණකාධිකාරී - ප්‍රධාන අමාත්‍යාංශය) එල්. එම්. ගුණතිලක (සහකාර අධ්‍යක්ෂ - පුරා විද්‍යා දෙපාර්තමේන්තුව), යන අයගේ නෑනා වූද, කිරිබත්කුඹුර බුලුමුල්ල පදිංචි කල්‍යාණි වීරකෝන් මහත්මිය හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2010 දෙසැම්බර් 02 දින ප. ව. 3.00 ට පිළිමතලාව ආදාහනාගාරයේදීසිදුකරන බව සියලු නෑදී හිතමිතුරන් වෙත කණගාටුවෙන් දැනුම් දෙමු.

කේ. ඩී. පී. ප්‍රනාන්දු වීරහැන්නදිගේ ජැනට් ප්‍රනාන්දු මැතිණියගේ දයාබර ස්වාමි පුරුෂයාවූද, ශිරෝමි ප්‍රනාන්දු, රොෂාන් ප්‍රනාන්දු, රජී ප්‍රනාන්දු යන අයගේ ආදරණීය පියාණන් වූද, (මදුරාසියේ) කපිලගේ ආදරණීය මාමණ්ඩිය වූද, කේ. ඩී. පී. එන්ටප්‍රයිසස්හි අධිපතිතුමා වන කේ. ඩී. පී. ප්‍රනාන්දු (පීටර් අයියා) මැතිතුමා අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු 2010.12.01 වන බදාදා සවස 3.30ට රාවතාවත්ත පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදු කෙරේ. අවසන් කටයුතු සඳහා අවමංගල්‍ය පෙරහැර එදින සවස 3.00 ට නිවසින් පිටත්වේ. නො. 2, අර්නස්ට් පෙදෙස, රාවතාවත්ත, මොරටුව.

පානදුර කිරිබේරිය ආර්. එල්. ඩී. එච්. කීර්ති රත්නායක (කීර්ති මුදලාලි) විජිතා ලියන ආරච්චි මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, සුරේකා, කුමාරි මල්කාන්ති (පශුසම්පත් ධීවර හා පෝෂණ පීෆඨය) චමින්ද (ව්‍යාපාරික) ජනිත (ව්‍යාපාරික) යන අයගේ දයාබර පියාණන් වූද, බොනින්ද්‍ර හේවා පතිරන (පියසේන ස්ටෝස් බම්බලපිටිය) යන අයගේ මාමණ්ඩිය වූද, ඉඩම් හිමි වැවිලිකරු ආර්. එල්. ඩී. එච්. කීර්ති රත්නායක මුදලාලි මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු දෙසැම්බර් 01 වැනි බදාදා ප.ව. 4.00 ට පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ. සිරිනිමල් පානදුර, කිරිබේරිය.

විශ්‍රාමලත් ගම්පති, ජේ. එම්. විල්බට් ජයසුන්දර බණ්ඩාර මැතිතුමා - කරවිට විෂ වෛද්‍යාචාරිණී සාමවිනිසුරු බන්දුමතී ජයසුන්දර මැතිණියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද ජේ. එම්. බී. ජේ. බණ්ඩාර (අධ්‍යක්ෂ තේ පර්යේෂණායතනය, තේ ශක්ති අරමුදල, සභාපති කුඩා තේ වතු හිමියන්ගේ සංගමය, රත්නපුර) සරත් සුනිල් ජයසුන්දර (නැසීගිය) ඩඩ්ලි ජයසුන්දර (ඉඩම් හිමි වැවිලිකරු) සාමවිනිසුරු මිගාර ජයසුන්දර (බස්නායක නිලමේ බෝල්තුබේ මහ සමන් දේවාලය) යන අයගේ ආදරණීය පියාණන්වූද, දීපානි, මේනකා, චන්ද්‍රිකා සහ මධාරා යන අයගේ ආදරණීය මාමණ්ඩියවූද, ටිකිරි කුමාරිහාමි (ගලගම) අනුලා කුමාරිහාමි (දොඩම්පේ) දමයන්ති කුමාරිහාමි (නැසීගිය) රන් බණ්ඩාර ජයසුන්දර (නැසීගිය) පුංචි බණ්ඩාර ජයසුන්දර (විශ්‍රාමලත් ග්‍රාම නිලධාරී) යන අයගේ සොහොයුරාවූද, විශ්‍රාමලත් ගම්පති ජේ. එම්. විල්බට් ජයසුන්දර බණ්ඩාර (කරවිට ආරච්චි අප්පෝ) මැතිතුමා අවුරුදු 83 ක් ආයු වළඳා 2010 ;නාවැම්බර් 30 වනදා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු දෙසැම්බර් 02 බ්‍රහස්පතින්දා සවස 3.00 ට කරවිට පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ. උඩහ වලව්ව, උඩකරවිට.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]