|
||
කෝස් පන්න ක්‍රමය නතර කළොත් අපි අනාථයි. . .
කිරලවැල්ල ධීවරයෝ කියති
ධීවර කර්මාන්තයේදී භාවිත කරන විවිධ පන්න ක්‍රම අතරින් කෝස් පන්න ක්‍රමය ඉහළ ආදායම් ලබන පන්න ක්‍රමයකි. එහෙත් මේ වන විට එම පන්න ක්‍රමය නිසා ධීවර කර්මාන්තයට නොඑක් බලපෑම් එල්ල වන බැවින් එය තහනම් කිරීමට පියවර ගනිමින් තිබේ.
එහෙයින් එම ක්‍රමය යොදා ධීවර කර්මාන්තයේ යෙදෙන දෙවිනුවර කිරලවැල්ලේ ධීවරයෝ අපහසුවට පත්ව සිටිති. මේ පිළිබඳව අදහස් දැක්වූ ජී. පී. එච්. ලලිත් මහතා - අපේ රැකියාව වසරකටම දින 100 යි කරන්නේ. මේ වැල්ලේ ඔරු 40 ක් තිබෙනවා. එක් ඔරුවක අට දෙනෙක් යනවා. දකුණු වෙරළ තීරයේ කෙරෙන ලොකුම ධීවර රැකියා ක්‍රමය මෙයයි. විශාල පිරිසක් මින් යැපෙනවා. මේක නතර කළොත් අපේ දරු පවුල් නඩත්තු කරන්නේ කොහොමද ?. එම්. කේ. ජනක මහතා - කිරලවැල්ලේ තිබෙන්නේ අලගොඩු කෝස්. කඳන් කෝස් වලින් නම් හැදෙන මාළුන්ට හානියක් වෙනවා. මේවා නතර කරන්න කියන එක ලේසියි. අපේ රැකියාව අහිමි වන එක ගැන කවුද වගකියන්නේ. මධුරංගල නිලවීර මහතා - රුපියල් පනස් දාහක් හැටදාහක් තරම් වටිනාකමක් ලබා ගත හැකි සේ විශාල වන කෙලවල්ලන් මාළු කොටන් කෝස් වලට කුඩා කාලයේදීම හසුවී විනාශ වෙනවා. ඒ ක්‍රමය හානිදායකයි. එහෙත් අපේ ක්‍රමයෙන් අල්ලන්නේ අලගොඩුවන් හා ලින්නන් පමණයි. අලුත් ලින්නන් මාළු කිලෝ 7000 ක් 8000 ක් වෙළෙඳ පොළට එන්නේ මේ ක්‍රමය නිසයි. නාමල් තුසිත් ප්‍රියදර්ශන මහතා - බලයා හා කෙලවල්ලා කුඩා කාලයේදීම හසු නොවන විදියට දැලේ උස අඩු කර භාවිතා කිරීම සිදුවන හානිය නතර කිරීමට හොඳම ක්‍රමයයි. එවිට ලින්නන්, ලේලවුන් පමණක් අල්ලා ගත හැකියි. දැනට භාවිතා කරන බඹ 30, 32 උස දැල් මුහුදේ පතුලේ වදින නිසා එය බඹ 20 ක් උසට සකසනවා නම් හොඳයි. එහෙම නැතිව රැකියාව තහනම් කළොත් අපේ පවුල් අනාථයි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |