මුද්‍රණය සඳහා

 
ලන්කන් ක්‍රීඩා සමාජයට ක්‍රිකට් සූරතාව

ලන්කන් ක්‍රීඩා සමාජයට ක්‍රිකට් සූරතාව

අන්තර් සමාජ 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අවසන් තරගය වෙන්නප්පුව ක්‍රීඩා සමාජය හා ලන්කන් ක්‍රීඩා සමාජය අතර පසුගියදා බී. ආර්. සී. ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. මේ තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට ලන්කන් ක්‍රීඩා සමාජය සමත්විය.

වෙන්නප්පුව ක්‍රීඩා සමාජය - සියලු දෙනාම දැවී ලකුණු 176 (ඕවර 48.5 ) ඩී. කලුආරච්චි 53, ප්‍රභාත් මදුසංක 27, ඒ. රණසූරිය 26, (විනෝද් පීරිස් 4/55, ටී. චතුරංග 3/34)

ලන්කන් ක්‍රීඩා සමාජය – ලකුණු 177 (ඕවර 49.4 ) සම්පත් මහේෂ් 44, ටී. මධුසංක 37, (ආර්. වැලිකන්නගේ 2/28, ආර්. රිස්වි 2/28,)

වමේ සිට දකුණට (අසුන්ගෙන) ඉෆ්හාම් අන්සර්, නුවන්ත පීරිස් (කණ්ඩායම් නායක) ගීතක වර්ණකුල (පුහුණුකරු) තරිදු මධුසංක (උපනායක) තරිදු චතුරංග, වමේ සිට දකුණට (පසුපෙළ) හරිත් සංජීව, සම්පත් මහේෂ්, දර්ශන මනතුංග, රසික ඩයස්, සමීර චතුරංග, නුවන් නිලන්ත, රන්දුල පෙරේරා, විනෝද් මධුෂාන්, ලංකේෂ් මධුරපි‍්‍රය, ඉසුරු බුද්ධික, ලහිරු දුශාන්ත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]