දේශගුණික විපර්යාස සැසිවාරයක් මෙක්සිකෝහිදී

දේශගුණික විපර්යාස සැසිවාරයක් මෙක්සිකෝහිදී

දේශගුණිත විපර්යාස පිළිබඳ තවත් සැසි වාරයක් පෙරේදා (සඳුදා) මෙක්සිකෝවේ කැන්තුන් නගරයේදී ආරම්භ විය. දේශගුණ විපර්යාස පිළිබඳ ජගත් සංවිධාන රාමුගත සම්මුතිය (UNFCCC)  පැවැත්වෙන මේ දෙදින සම්මේලනයට රටවල් 194ක නියෝජිතයන් 15,000 පමණ සහභාගි වෙති.

මේ සම්මේලනයේ මූලික අරමුණ 2012 වන විට කාබන් විමෝචනය සීමාකිරීමට අදාළ සම්මුතියකට එළඹීමයි. තවද, දේශගුණික විපර්යාස වලින් බැටකන දුගී රටවලට සහන සැලසීමට අරමුදලක් පිහිටුවා ගැනීමට ද මෙහිදී අපේක්ෂා කෙරේ.

දේශගුණ විපර්යාස නිසා අත්විඳීමට සිදුවන විපත් අවමකර ගැනීමට ලෝක ප්‍රජාව කල්මැරුවහොත් භායානක ප්‍රතිඵලවලට මුහුණපෑමට සිදුවන බව අයිපීසීසීසී (IPCCC) සභාපති රාජේන්ද්‍ර මෙනිදී පචව්රි අවධාරණය කර තිබේ.

මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට මුදාහැරෙන හරිතාගාර වායුව නිසා ගෝලීය උණුසුම වැඩිවෙමින් පවතී. කැන්තුන්හි මූන් පැලස් හෝටලයේ පැවැත්වෙන මේ සම්මේලනය දැඩි ආරක්ෂක මුරකා යටතේ පැවැත්වේ. සමස්ත ලෝකයේ පොදු යහපත උදෙසා ඇප කැප වන ලෙස සම්මේලනයේ සභාපතිත්වය උසුලන මෙක්සිකන් ජනාධිපති ෆෙලිපි කැල්ඩිරොන් සාමාජිකත්වයෙන් ඉල්ලා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා