චීන රජයේ යෝජනා අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

උතුරු-දකුණු කොරියා අර්බුදය

චීන රජයේ යෝජනා අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර උද්ගත වී ඇති උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීමට සාකච්ඡා පැවැත්විය යුතු බවට චීනය යෝජනා කර තිබේ. කෙසේ වෙතත් අමෙරිකාව මේ යෝජනාව පිළිගෙන නැත. ඉකුත් සතියේ උතුරු කොරියාව, දකුණු කොරියාව සතු කහ මුහුදේ දිවයිනකට ප්‍රහාර එල්ල කිරීමත් සමග දෙරට අතර ප්‍රබල අර්බුදයක් ගොඩනැඟිනි.

අමෙරිකන් තානාපති සුසන් රයිස්, ජගත් ආරක්ෂක කවුන්සලය විසින් උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක තවත් දැඩි කළ යුතු බව අවධාරණය කරයි. මේ අර්බුදය හේතු කොට ගෙන අමෙරිකාව සහ චීනය අතර මත ගැටුම් උග්‍ර වී තිබේ. මේ අතර කහ මුහුදේ පැවැත්වෙන දකුණු කොරියා සහ අමෙරිකන් ඒකාබද්ධ යුද අභ්‍යාසය තෙවැනි දිනටත් පැවැත්විණි.

මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව සිය ප්‍රබල විරෝධය පළ කරයි. මේ අර්බුදකාරී තත්ත්වය හමුවේ උතුරු කොරියාව සමග පැවැත්වෙන හය සාමාජික න්‍යෂ්ටික අවි හරණ සාකච්ඡාද නතර වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා