ජෙරුසලමේ ඊශ්‍රායල ජනාවාස ඉදිකිරීම සාම ව්‍යායාමයට ගැටලුවක්

ජෙරුසලමේ ඊශ්‍රායල ජනාවාස ඉදිකිරීම සාම ව්‍යායාමයට ගැටලුවක්

පලස්තීන නායක

නැඟෙනහිර ජෙරුසලමේ ඊශ්‍රායල ජනාවාස ඉදිකිරීම, මැදපෙරදිග සාම ව්‍යායාමය ඕනෑම මොහොතක කඩා බිඳ දැමීමට හේතු විය හැකි බව පලස්තීන නායක මහමුඩ් අබ්බාස් සඳුදා පවසා තිබේ. පලස්තීන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත්කරමින් ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් පවසන්නේ මැදපෙරදිගට ඉක්මන් සාමයක් උදාකර දීමට ඊශ්‍රායලය සහ පලස්තීනය විසින් ඉටුකර ඇති කාර්ය භාරය ඉතා සීමිත බවය.

එම නිසා ධනාත්මක බලාපොරොත්තු තබාගැනීමට නොහැකි බවත් ජගත් මහලේකම් වැඩිදුරටත් පවසයි. බටහිර ඉවුරේ ජනාවාස ඉදිකිරීම නතර කිරීමේ කාල සීමාව දීර්ඝ කිරීමට ඊශ්‍රායලය අපොහොසත් වී සිටී. එම නිසා අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇරඹි සාම සාකච්ඡා මාස දෙකක පමණ කාලයක් තුළ සිට ඇනහිට තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා