මුද්‍රණය සඳහා

 
අප්‍රිකා හා යුරෝපා හවුලේ සමුළුව ට්‍රිපොලිහීදි

අප්‍රිකා හා යුරෝපා හවුලේ සමුළුව ට්‍රිපොලිහීදි

අපි‍්‍රකානු රටවල් සහ යුරෝපා හවුලේ ප්‍රධාන පෙළේ සමුළුවක් ලිබියාවේ ට්‍රිපොලි නගරයේදී පෙරේදා ආරම්භ විය. මෙම දෙදින සමුළුවට සහභාගි වන රටවල් 80 ක නියෝජිතයන් අමතමින් ලිබියානු නායක ගඩාෆි අවධාරණය කර ඇත්තේ යුරෝපා හවුල සමග ව්‍යාපාරික කටයුතු කිරීමේදී අප්‍රිකානු රටවලට සාධාරණත්වයක් ඉටු වී නැති බවයි.

මේ නිසා දෙපාර්ශවයටම යහපත සැලසෙන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය යුතු බවට ඔහු යෝජනා කර තිබේ. මීට ප්‍රතිචාර දක්වමින් යුරෝපා හවුලේ සභාපති හර්මන් වැන් රොම්පියු පවසා ඇත්තේ ආර්ථික වර්ධනය යහපාලනය සමග තදින් බැඳී පවතින එකක් බවයි.

යුරෝපා හවුල විසින් හඳුන්වා දී ඇති නව කොන්දේසි නිසා දුගී රටවලට ආර්ථික සංවර්ධනයට බාධා එල්ල වන බව අප්‍රිකානු රටවල් පවසා තිබේ. මේ නිසා අප්‍රිකානු රටවල කර්මාන්තකරුවනට යුරෝපා රටවලින් ගලා එන භාණ්ඩ සමග වෙළඳ පොළේ තරග කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට අප්‍රිකානු රටවල් චෝදනා කරති.

යුරෝපා කොමිසමේ සභාපති ජොස් මැනුවෙල් බරෝසෝ ප්‍රකාශ කරන්නේ ලෝකයේ වෙළඳ කටයුතු සඳහා වැඩිම ආධාර සපයන්නේ යුරෝපා හවුල බවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]