ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (04) සවස රැස්වෙයි.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයන් තෝරන දිස්ත්‍රික් නාමයෝජනා මණ්ඩල සඳහා මෙහිදී සාමාජිකයන් නම් කෙරෙනු ඇත.

රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල පත්වීම් ලබාදෙන බව කියා මුදල් අය කළ පළාත් සභා මන්ත්‍රීවරුන් පිළිබඳ තීන්දු ගැනීමද අද සිදු කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා