මීගමුව බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් වෛද්‍ය සායනයක්

මීගමුව බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් වෛද්‍ය සායනයක්

මීගමුව හා කොළඹ රෝහල්වල වෛද්‍යවරුද මීගමුව ආවේ මරියා රෝහලේ වෛද්‍ය රංජන් මහතා ඇතුළු වෛද්‍යවරුන් 14 දෙනෙක් මේ අවස්ථාවට සහභාගි වූහ.

වෛද්‍ය කණ්ඩායම රැඳවියන් වෛද්‍ය පරීක්ෂණයට ලක් කළ අයුරු

බන්ධනාගාරයේ කරනවෑමි පුහුණු කිරීමේ මධ්‍යස්ථානයට රු. 20000 ක් පමණ වටිනා කරනවෑමි භාණ්ඩ කට්ටල් තුනක් මීගමුව රොටරි සමාජය මගින් බන්ධනාගාර අධිකාරී ඇතුළු නිලධාරී මහතුන්ට භාරදීමද මෙදින සිදුවූ තවත් සත් කාර්යයකි.

පියතුමන්ලා හා දේවස්ථාන ගායනා කණ්ඩායම් සම්බන්ධ කරගෙන නත්තල් බැති ගී සංදර්ශනයක්ද පැවැත්වීය.

බන්ධනාගාර රැඳවියන් 1400 ක් හා නිලධාරීන් 100 ක් සඳහා කේක්, බිස්කට්, හා කිරි වීදුරුව බැගින් ලබාදීමේ සංග්‍රහයක්ද පවත්වන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා