ඩිල්ෂාන්ගෙන් වේගවත් ශතකයක්

ඩිල්ෂාන්ගෙන් වේගවත් ශතකයක්

ශ්‍රී ලංකා පිලේ ප්‍රහාරාත්මක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පන්දු 99 කදී හතරේ පහර 21 ක් හා හයේ පපහර 3 ක් සමඟ නොදැවී ලකුණු 133 ක් රැස් කරමින් අන්තර් සමාජ පළමු කොටස් එක්දින තරගාවලියේ ඊයේ (3) සරවනමුත්තු පිටියේදී ලංකන් පිලට එරෙහිව කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් කරා ද්‍රවිඩ සංගම් කණ්ඩායම රැගෙන ගියේය.

ඔහුට අනගි සහයක් ලබා දුන් ගිහාන් රූපසිංහ පන්දු 60 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් සමග ලකුණු 85 ක් රැස් කලේය. පළමුව පන්දුවට පහරදුන් ලංකන් පිල ඕවර 50 අවසානයේ කඩුලු 7 කට ලකුණු 230 ක් රැස් කළ අතර එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට ද්‍රවිඩ සංගම් පිතිකරුවන්ට වැය වූයේ ඕවර 28 ක් පමණි.

ලංකන් පිල – 230 / 7 (ඕවර 50) චානක විජේසිංහ 76, අෂේන් සිල්වා 40, (චානක වෙලගෙදර 31 / 3)

ද්‍රවිඩ සංගම් පිල – 235 (ඕවර 28) තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 133, ගිහාන් රූපසිංහ 85

එස්. එස්. සී. ට ජය

සැරසන්ස් පිල – 165 / 9 (ඕවර 50) එරංග ගංගොඩ 37,(දිල්හාර ප්‍රනාන්දු 20 / 3, සචිත්‍ර සේනානායක 28 / 3)

එස්. එස්. සී. – 168 / 3 (ඕවර 26) තරංග පරණවිතාන 68, දිමුත් කරුණාරත්න නොදැවී 53

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා