|
||
ඩිල්ෂාන්ගෙන් වේගවත් ශතකයක්ශ්රී ලංකා පිලේ ප්‍රහාරාත්මක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පන්දු 99 කදී හතරේ පහර 21 ක් හා හයේ පපහර 3 ක් සමඟ නොදැවී ලකුණු 133 ක් රැස් කරමින් අන්තර් සමාජ පළමු කොටස් එක්දින තරගාවලියේ ඊයේ (3) සරවනමුත්තු පිටියේදී ලංකන් පිලට එරෙහිව කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් කරා ද්‍රවිඩ සංගම් කණ්ඩායම රැගෙන ගියේය. ඔහුට අනගි සහයක් ලබා දුන් ගිහාන් රූපසිංහ පන්දු 60 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් සමග ලකුණු 85 ක් රැස් කලේය. පළමුව පන්දුවට පහරදුන් ලංකන් පිල ඕවර 50 අවසානයේ කඩුලු 7 කට ලකුණු 230 ක් රැස් කළ අතර එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට ද්‍රවිඩ සංගම් පිතිකරුවන්ට වැය වූයේ ඕවර 28 ක් පමණි. ලංකන් පිල – 230 / 7 (ඕවර 50) චානක විජේසිංහ 76, අෂේන් සිල්වා 40, (චානක වෙලගෙදර 31 / 3) ද්‍රවිඩ සංගම් පිල – 235 (ඕවර 28) තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 133, ගිහාන් රූපසිංහ 85 එස්. එස්. සී. ට ජයසැරසන්ස් පිල – 165 / 9 (ඕවර 50) එරංග ගංගොඩ 37,(දිල්හාර ප්‍රනාන්දු 20 / 3, සචිත්‍ර සේනානායක 28 / 3) එස්. එස්. සී. – 168 / 3 (ඕවර 26) තරංග පරණවිතාන 68, දිමුත් කරුණාරත්න නොදැවී 53 |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |