|
||
ඕස්ට්‍රේලියානු මහා ජල ගැල්මෙන් ජනතාව බේරගන්න හමුදාව සටනක
දැනට කාන්තාවක පමණක් මියගොස් ඇතැයි වාර්තා වී ඇති ඊසානදිග ඕස්ට්‍රේලියානු මහා ජලගැල්මේ දී ජනතාවට පිහිට වීම සඳහා ඕස්ට්‍රේලියානු හමුදාව හා හදිසි සේවා අංශ විශාල සටනක නියැලී සිටින බව ප්‍රකාශ වේ. ග්‍රාමීය නගර 22ක් වේගයෙන් ගලා බසින ජලගැල්මට ගොදුරුව ඇත. 200,000ක පමණ ජනතාවක් ඉන් අසීරුවට පත්ව තිබෙන බවත් සඳහන් ය. ජලගැල්මට ගොදුරු ප්‍රදේශය ප්‍රංශය හා ජර්මනියට යටව ඇති බිම් ප්‍රමාණයට සමාන බව ද වාර්තා වී තිබේ. මේ අතර ක්වීන්ස්ලන්ත බලධාරීන් විසින් දරුණු චණ්ඩමාරුතයක් පිළිබඳ කළ අනතුරු ඇඟවීම ඊයේ උදේ ඉවත් කරන ලද්දේ අනතුර පහවගොස් ඇති බව ප්‍රකාශ කරමිනි. කෙසේවෙතත් ජල මට්ටම් නැඟීමත් සම¼ඟ රැඳවුම් කඳවුරු මධ්‍යස්ථාන පිරිඉතිරී යන බව බලධාරීන් කියා ඇත. සමහර තැනක නගරපිටින් ජනතාව ඉවත් ව තිබෙන බවත්, තවත් තැනෙක ජලය බැසයාමත් සමඟ ජනතාව ආපසු පැමිණ පවිත්‍ර කටයුතු අරඹා ඇති බවත් රතු කුරුස සංවිධානය ප්‍රකාශ කර තිබේ. ඒ අතර අලුත් නගර කරාද ජල කඳ ඇදීයන බව වාර්තාවේ. රොක්හැම්ප්ටන්හි නේවාසිකයන් හිට්ස්රෝයි නදිය පිටාර ගලන තෙක් බලා සිටින බව ද ප්‍රකාශිතය. ඉදිරි මාසයක කාලයම හදිසි සේවා ක්‍රියාත්මකව පවතිනු ඇතැයි පොලිසිය කියා තිබේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |