මුද්‍රණය සඳහා

 
මහනුවර ස්වර්ණමාලි බාලිකාවේ හදිසි භූ කම්පන තත්ත්වයක්

මහනුවර ස්වර්ණමාලි බාලිකාවේ හදිසි භූ කම්පන තත්ත්වයක්

මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලේ ඊයේ (25 දා) පස්වරු 1.00 ට පමණ ඇති වූ හදිසි භූ කම්පන තත්ත්වයක් හේතුවෙන් එම විද්‍යාලයේ දැඩි නොසන්සුන්තාවක් ඇති විය. විනාඩි දෙකක පමණ කාලයක් පැවැති මෙම භූ කම්පනය නිසා විදුල්පතිවරියගේ නිල කාමරයේ වීදුරුවක්ද බිඳී ඇත.

භූ කම්පනය ඇතිවීමත් සමඟ පාසලේ ගොඩනැගිලි සෙලවීම නිසා විද්‍යාලයේ සිසුවියන් බියට පත්ව පන්ති කාමරවලින් පිටතට පැමිණ ආරක්ෂිත ස්ථාන කරා දිවගොස් ඇත. සිද්ධිය සැලවීමත් සමග එහි පැමිණි ගොඩනැගිලි හා පතල් කාර්යාංශයේ නිලධාරීන් පාසල් භූමිය විශේෂ පරීක්ෂාවකට ලක් කැර තිබේ. ඔවුහු තවදුරටත් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]