ටැඩටෙව් කොනේ පේඩ් මහතා ජනාධිපති හමුවූ අයුරු.



ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ සභාපති ටැඩටෙව් කොනේ පේඩ් මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (28) හමුවූ අයුරු.

 

ඡායාරූපය - සුදත් සිල්වා




Send money to Sri Lanka - www.timesofmoney.com

 
 



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


ඡන්දයට ශක්තිමත්ව මුහුණ දෙන්න

එජනිස පක්ෂ නායකයන්ට ජනපතිගෙන් උපදෙස්

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශක්තිමත්ව මුහුණදීම සඳහා අඩුපාඩු මඟ හරවාගෙන කටයුතු කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ට ඊයේ (28) උපදෙස් දුන්නේය.ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ සන්ධානයේ පක්ෂ නායකයන් අරලියගහ මන්දිරයේ දී ඊයේ රැස්වූ අවස්ථාවේදීය.  පළාත් පාලන මැතිවරණයට සන්ධානයෙන් ඉදිරිපත් වූ නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව...

විස්තර »

නාම යෝජනා ප්‍රතික්ෂේප කළාට
සන්ධානය නඩු මඟට

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ සියලු ආයතන සඳහා ඉදිරි සතියේදී අභියාචනාධිකරණයේ නඩු ගොනු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. පළාත් පාලන මැතිවරණ පනතේ නොමැති ප්‍රතික්ෂේපවීම් සිදුවී තිබෙන බව පවසන මහලේකම්වරයා තාක්ෂණ වැරැදි මත පවා නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙන බවද ප්‍රකාශ කරයි. 

 

විස්තර »

දේශපාලන පක්ෂ-ස්වාධීන කණ්ඩායම්වල
නාම යෝජනා 450ක් ප්‍රතික්ෂේප වෙයි

පළාත් පාලන මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාම යෝජනා 450ක් ප්‍රතික්ෂේප වී තිබේ. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා සංඛ්‍යාව 2047 කි. ඉන් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා 1597ක් පිළිගෙන ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.කොළඹ දිස්ත්‍රික්කය සඳහා පිළිගත් පක්ෂ ඉදිරිපත් කළ නාම යෝජනා සංඛ්‍යාව 40ක් වන අතර...

විස්තර »

මුතුහෙට්ටිගමට වරෙන්තු

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට මුතුහෙට්ටිගම මහතා අධිකරණයේ පෙනී නොසිටීම නිසා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් තාමර තෙන්නකෝන් මහතා ඊයේ (28) මුතුහෙට්ටිගම මහතාට වරෙන්තු නිකුත් කළේය.2009 නොවැම්බර් මස 5 වැනි දින දකුණු පළාත් සභාවේ වැඩබලන ප්‍රධාන ලේකම් ඇම්. ජී. කේ. පෙරේරා....

විස්තර »

මහා බෝධි ප්‍රහාරයේ සැකකරුවන් 7ක් දැලේ

ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි මහාබෝධි විහාරයට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 7 දෙනකු එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දියාවේ පෙරියර් ද්‍රවිඩ කලහම් කණ්ඩායමේ පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර කන්චිපුරම්හි පදිංචි ඩේවිඩ් පෙරියාර් (30) , සිරුසෙරිහි පදිංචි රවි කුමාර් (30) , පොන්තේරිහි පදිංචි බාස්කර් (32) අය මෙහිදී අත්අඩංගුවට පත්ව තිබේ.

විස්තර »

පෞද්ගලික ඔසු සල්වල රජයේ ඖෂධ තහනම්

රජයේ රෝහල්වල ඖෂධ පෞද්ගලික ඔසුසල්වල අලෙවි කිරීම වැළැක්වීමේ විශේෂ පනතක් පාර්ලිමේන්තුවට මේ වසරේ ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කැර ඇත. කිසියම් පෞද්ගලික ඔසු සලක රජයට අයත් ඖෂධ විකිණීමට තබා තිබුණහොත් එකී ඔසු සලේ බලපත්‍රය අනිවාර්යයෙන්ම තහනම් කිරීමටත්, එම ඖෂධ එකී අලෙවි සල්වලට අලෙවි කළ තැනැත්තා....

විස්තර »

එංගලන්තයේ දී ‘සක්විති’ රැඟුම් පෑ
ශ්‍රී ලාංකිකයා වසර 8ක් සිපිරිගෙට

මූල්‍ය වංචාව කෝටි 15ක්

එංගලන්තයට ගොස් එහි සිටින ශ්‍රී ලාංකිකයන් මුලාකොට රුපියල් කෝටි ගණනක් වංචාකළ ශ්‍රී ලාංකිකයෙකුට එරට අධිකරණය මඟින් වසර 8 ක සිර දඬුවම් නියම කර තිබේ.  මොහු විසින් සිදු කරන ලද මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් මීට මාස කීපයකට පෙර ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය මඟින් මොහු අත්අඩංගවට ගෙන තිබුණි.

විස්තර »

හොර නෝට්ටු මුද්‍රණය කළ කල්ලියක්
දහසේ නෝට්ටු 260ක් සමඟ කොටු වෙයි

කොළඹ නගරයේ සහ අවට ප්‍රදේශවලට රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු බෙදාහැරි පුද්ගලයන් සිව් දෙනකු දෙලක්ෂ හැට දහසක් වටිනා ව්‍යාජ දහසේ නෝට්ටු දෙසිය හැටක් සමඟ කොටුව පොලීසිය ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. පිටකොටුව බස්නැවතුම් පොළ අසල පලතුරු වෙළෙඳාම් කරන මුවාවෙන් මේ ව්‍යාජ නෝට්ටු සැකකරුවන් ජනතාව අතට පත් කර ඇතැයි පිටකොටුව පොලීසිය පවසයි.

විස්තර »

අප කරන කාර්යයේ සාර්ථකත්වය මැනිය හැක්කේ ජනතාව සතුටු වන තරමටය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2010 සැප්තැම්බර් 12 සීතාවකදී



වෙළඳ දැන්වීම් . . . .