ඡන්දයට ශක්තිමත්ව මුහුණ දෙන්න

ඡන්දයට ශක්තිමත්ව මුහුණ දෙන්න

එජනිස පක්ෂ නායකයන්ට ජනපතිගෙන් උපදෙස්

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශක්තිමත්ව මුහුණදීම සඳහා අඩුපාඩු මඟ හරවාගෙන කටයුතු කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ට ඊයේ (28) උපදෙස් දුන්නේය.ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ සන්ධානයේ පක්ෂ නායකයන් අරලියගහ මන්දිරයේ දී ඊයේ රැස්වූ අවස්ථාවේදීය.

පළාත් පාලන මැතිවරණයට සන්ධානයෙන් ඉදිරිපත් වූ නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය. පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයන්ට උපදෙස් දුන් බව ඇමැතිවරයා සඳහන් කළේය.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් සැලසුම් සකස් කොට තමන් වෙත දැනුම් දෙන ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පක්ෂවල නායකයෝ ද මේ සාකච්ඡාවට එක්වී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා