සෑම පොලිසියකම මැතිවරණ අංශයක්

සෑම පොලිසියකම මැතිවරණ අංශයක්

පළාත් පාලන මැතිවරණ කාලය තුළ ප්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා දිවයිනේ සෑම පොලීසියකම මැතිවරණ අංශයක් පිහිටුවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පොලීසි 433ක මේ මැතිවරණ අංශ පිහිටුවා ඇති බවයි. දැනටමත් ඒවායේ කටයුතු ක්‍රියාත්මක වෙයි. සෑම පොලිසියකම මූලස්ථාන පොලිස් පරීක්‍ෂක හෝ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ මේ මැතිවරණ අංශයේ කටයුතු සිදු වෙයි.

මැතිවරණයට අදාළ පැමිණිලි බාර ගැනීම, ගැට ුම් නිරාකරණය කිරීම, නීතිවිරෝධී ලෙස කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු සියලු කටයුතු මේ මැතිවරණ අංශය මඟින් සිදු කරයි.දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන පොලිස් මැතිවරණ අංශයේ ප්‍රධාන වගකීම ප්‍රදේශයේ ආරක්‍ෂාව පවත්වාගෙන යාමයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා