හොර නෝට්ටු මුද්‍රණය කළ කල්ලියක් දහසේ නෝට්ටු 260ක් සමඟ කොටු වෙයි

හොර නෝට්ටු මුද්‍රණය කළ කල්ලියක් දහසේ නෝට්ටු 260ක් සමඟ කොටු වෙයි

කොළඹ නගරයේ සහ අවට ප්‍රදේශවලට රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු බෙදාහැරි පුද්ගලයන් සිව් දෙනකු දෙලක්ෂ හැට දහසක් වටිනා ව්‍යාජ දහසේ නෝට්ටු දෙසිය හැටක් සමඟ කොටුව පොලීසිය ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. පිටකොටුව බස්නැවතුම් පොළ අසල පලතුරු වෙළෙඳාම් කරන මුවාවෙන් මේ ව්‍යාජ නෝට්ටු සැකකරුවන් ජනතාව අතට පත් කර ඇතැයි පිටකොටුව පොලීසිය පවසයි.

මේ මුදල් නිෂ්පාදනය කිරීමේ මහ මොළකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුගේ නිවසේ මේවා නිෂ්පාදනය කර ඇති අතර මේ සඳහා යොදාගත් සියලුම පරිගණක හා මුද්‍රණ භාණ්ඩ පොලිසිය සොයාගෙන තිබේ. ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පිටකොටුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.  මේ හොර නෝට්ටු පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 

හොර නෝට්ටු හා ඒවා නිෂ්පාදනය කිරීමට යොදා ගත් දෑ පරීක්ෂා කරන කොටුව පොලිස්ථානාධිපති කේ. ලියනගේ මහතා ඇතුළු පිරිස.
ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්න

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා