මුද්‍රණය සඳහා

 
උන්මත්තක අරිෂ්ඨ බිව් රැඳවියන් තිදෙනෙකු රෝහල්ගත කෙරේ

අනුරාධපුර කලබලේ අතරතුර

උන්මත්තක අරිෂ්ඨ බිව් රැඳවියන් තිදෙනෙකු රෝහල්ගත කෙරේ

අනුරාධපුර බන්ධනාගාරය තුළ පසුගියදා සිදු වූ කලහකාරී සිද්ධියත් සමඟ බන්ධනාගාර රැඳවියන් එහි රෝහලට හා ආයුර්වේද මධ්‍යස්ථානයට ඇතුළු වී එහි තිබූ ඖෂධ වර්ග හා අරිෂ්ඨ පානය කිරීමෙන් රෝගාතුර වූ රැඳවියන් තිදෙනෙකු ඊයේ දහවල් (28 දා ) ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.මෙම රැඳවියන් රෝහලට හා ආයුර්වේද මධ්‍යස්ථානයට ඇතුළු වී එහි තිබූ උන්මත්තක රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ රැගෙන ඒවා පානය කර ඇති අතර අරිෂ්ඨ බෝතල් විශාල ප්‍රමාණයක්ද පානය කර ඇත.

මේ වනවිට රැඳවියන්ට කතා කිරීමේ අපහසුකම් ශාරීරික දුර්වලතා රැසක් ඇති වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට බන්ධනාගාරය තුළද තවත් රැඳවියන් පහළොස් දෙනෙකු පමණ සිටින බවත් ඔවුන් පිටතට රැගෙන ඒම සඳහා අවශ්‍ය ආරක්‍ෂක විධිවිධාන සකසා ගැනීමට නොහැකි නිසා මේ වන තුරු බන්ධනාගාරය තුල රඳවාගෙන සිටින බව බන්ධනාගාර උසස් නිලධාරීන් පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]