වැලිමඩ නගරයේ සිඟමන් යදිමින් සිටි දරු දැරියන් 19කට පොලිස් රැකවරණ
වැලිමඩ නගරයේ සිඟමන් යදිමින් සිටි
දරු දැරියන් 19කට පොලිස් රැකවරණ
වැලිමඩ සමූහ කේ. ආර්. රාජමන්ත්රී
වැලිමඩ නගරයේ සිඟමන් යැදීම හා නිදැල්ලේ සැරිසැරූ අවුරුදු 15ට වඩා අඩු දරු දැරියන්
19ක් ඔවුන්ගේ අනාගත ආරක්ෂාව සඳහා පොලිසිය විසින් තම භාරයට ගත් බව වැලිමඩ පොලිසිය
පවසයි.
ඊයේ (28) පෙරවරු 10.30 ට දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි පාලිත බණ්ඩාර
සුබසිංහ, ජාතික ළමාරක්ෂක අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාර කුමුදු සූරිය
බණ්ඩාර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මනෝ සමායෝජක, උපදේශක ඩබ්ලිව්. ජේ. ආර්. තරංගා
මහත් මහත්මීහු වැලිමඩ පොලිසියේ සහාය ඇතිව මේ වැටලීම සිදු කළහ.
ඇතැම් දෙමාපියන් තම දරුවන් නිවෙස් අසල කැලෑවේ සඟවා තබා ඇත. එහෙත් පොලිස් භාරයට
පත්වූ දරුවන් විසින් එසේ සැඟව සිටින දරුවන් පෙන්වා දෙමින් පොලිස් නිලධාරීන්ට සහාය
වන අයුරුද දක්නට ලැබුණි.

වැලිමඩ නගරයේ සිඟමන් යදිමින් සිටි දරු දැරියන්
19ක් පොලිසිය භාරයට පත්වූ අයුරු
ඡායාරූප - වැලිමඩ සමූහ කේ. ආර්. රාජමන්ත්‍රි |
.
|