|
||
වැලිමඩ නගරයේ සිඟමන් යදිමින් සිටි දරු දැරියන් 19කට පොලිස් රැකවරණ
වැලිමඩ නගරයේ සිඟමන් යැදීම හා නිදැල්ලේ සැරිසැරූ අවුරුදු 15ට වඩා අඩු දරු දැරියන් 19ක් ඔවුන්ගේ අනාගත ආරක්ෂාව සඳහා පොලිසිය විසින් තම භාරයට ගත් බව වැලිමඩ පොලිසිය පවසයි. ඊයේ (28) පෙරවරු 10.30 ට දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි පාලිත බණ්ඩාර සුබසිංහ, ජාතික ළමාරක්ෂක අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාර කුමුදු සූරිය බණ්ඩාර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මනෝ සමායෝජක, උපදේශක ඩබ්ලිව්. ජේ. ආර්. තරංගා මහත් මහත්මීහු වැලිමඩ පොලිසියේ සහාය ඇතිව මේ වැටලීම සිදු කළහ.
ඇතැම් දෙමාපියන් තම දරුවන් නිවෙස් අසල කැලෑවේ සඟවා තබා ඇත. එහෙත් පොලිස් භාරයට
පත්වූ දරුවන් විසින් එසේ සැඟව සිටින දරුවන් පෙන්වා දෙමින් පොලිස් නිලධාරීන්ට සහාය
වන අයුරුද දක්නට ලැබුණි.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |