නිරූපමා රාඕ අද දිවයිනට

නිරූපමා රාඕ අද දිවයිනට

ශ්‍රීලංකා රජය සමඟ විශේෂ සාකච්ඡාවක් සඳහා ඉන්දීය විදේශ කටයුතු ලේකම් නිරූපමා රාඕ මහත්මිය අද (29) ශ්‍රී ලංකාවට පැමිණෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහත්වරුන් සමඟ සාකච්ඡා කරන ලේකම්වරිය ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රහාරයකින් ඉන්දීය ධීවරයන් දෙදෙනකු මියගිය බවට කරන චෝදනා, චෙන්නායි මහා බෝධි විහාරයට ප්‍රහාරයක් එල්ල කිරීම, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු ආදිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එක්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය විදේශ ලේකම්වරිය ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.එම්.ක්‍රිෂ්ණ, මහතාගේ ඉල්ලීමකට අනුව පැමිණෙන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා