රට රැකියා ගැන දැන ගන්න 1919 අමතන්න

රට රැකියා ගැන දැන ගන්න 1919 අමතන්න

මහින්ද අලුත්ගෙදර

රැකියාවක් සඳහා විදේශ ගතවීමේදී අවශ්‍ය කරන සියලු තොරතුරු රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඔස්සේ කඩිනමින් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. දුරකතන අංක 1919ට ඇමතීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි වන අතර තෝරා ගන්නා විදේශ රැකියා නියෝජිතායතනයට බලය තිබේද, තෝරාගත් රැකියාවට ලැබෙන වැටුප හා ප්‍රතිලාභ, ඒජන්සියට අයකළ හැකි උපරිම ගාස්තුව, රැකියා ස්ථානය ඇතුළු තොරතුරු රැසක් ඊට අයත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලය, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය, විදේශ ස්වා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර එක්ව සංවිධානය කරන මේ හරහා විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂා කරන සැමට විශාල පහසුවක් වන බවද හෙතෙම අවධාරණය කරයි. තැරැව්කරුවන්ට හසු නොවී තම අවශ්‍යතා කඩිනමින් ඉටු කර ගැනීමට මේ මඟින් හැකියාව තිබෙන බව පවසන කිංස්ලි රණවක මහතා අනවශ්‍ය ලෙස කාලය හා මුදල් වැය වීමත් රැකියාවේ අවදානමත් පහව යන බව පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා