මුද්‍රණය සඳහා

 
අපේක්ෂකගේ රියට අයෙක් බිලි

අපේක්ෂකගේ රියට අයෙක් බිලි

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා ලබාදීමෙන් අනතුරුව ආපසු යමින් සිටි අපේක්ෂකයන්ගේ රථ පෙළක එක් වාහනයක හැපී පුද්ගලයකු මිය ගොස් තිබේ.

කහවත්ත මාදම්පේ අම්බලන්වත්තේදී මේ අනතුර සිදුවී ඇත. පෙරේදා (27) පස්වරුවේ අනතුරට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසුව මරණයට පත් විය. ප්‍රධාන දේශපාලන පක්ෂ කීපයක ආධාරකරුවන් රැගත් වාහන පෙළපාළි ගමන් ගත් නිසා අනතුර සිදුවූ වාහනය මෙතෙක් හඳුනාගෙන නැත. මංගල උත්සවයකට සහභාගී වු අයෙක් මෙලෙස අනතුරට ලක්වූ බව පොලිසිය කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]