මරණ දැන්වීම්

 

 

ස්වර්ගස්ථවීම්

පල්ලන්සේන මීසම් සේවකව සිටි ගරු පීටර් රේවල්පුල්ලේ පියතුමා ස්වර්ගස්ථ වූහ, මහජන ගෞරවය සඳහා එතුමාගේ මෘත දේහය ජනවාරි 28 වන සිකුරාදා පෙ.ව. 10.00 සිට 29 වන සෙනසුරාදා දින පෙ.ව. 9.30 දක්වා පල්ලන්සේන වික්ෂෝප දේව මාතාවන්ගේ දේවස්ථානයෙත් එදින පෙ.ව. 10.00 සිට ප.ව. 3.30 දක්වා වැලිහේන කයිතාන් මුනිඳුන්ගේ දෙව් මැදුරේත් තැන්පත් කර තැබෙනු ඇත. ජනවාරි 29 වන සෙනසුරාදා අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන දිව්‍ය පූජාව සමඟින් එතුමන්ගේ අවසන් කටයුතු ප.ව. 3.30 ට වැලිහේන දේවස්ථානයේදී සිදු කරනු ලැබේ. අගරදගුරු නිවස, කොළඹ 08. 030659
 

මරණ දැන්වීම්

ඇන්ටනි සිල්වා (විශ්‍රාමලත් ගුරුතුමා - සිරිකුරුස විදුහල කළුතර) නැතලි පෙරේරාගේ (විශ්‍රාමලත් විදුහල්පතිනි රො.ක.බා. විදුහල - පයාගල) ආදරණීය ස්වාමිපුරුෂයා වූද, නැසීගිය හිලරි සිල්වා ගේ සහෝදරයා වූද, ගීතානිගේ (ගීතාංජලී මොන්ටිසෝරි), ටිරෝන්ගේ (හේලීස් ආයතනයේ), නැසීගිය වර්ජිල්ගේ (යුහ) සහ ලොයිඩ්ගේ පියාණන් වූද ඇන්ටනි ගුරු මහතා අභාවප්‍රාප්ත වූයෙන් එම දේහය ජනවාරි 29 වන සෙනසුරාදා සවස 3.00 කලමුල්ලේ පිහිටි නිවසෙන් රෝමාණු කතෝලික සුසානභූමිය වෙත ගෙන යන බව භාර්යාව ඇතුලු දරුවන් ශෝකයෙන් දැනුම් දෙයි. 030812

කුමාරැන්නැලාගේ කරුණාදාස ඩයස් උපාසක මහතා - පානදුර වත්තල්පොල අංක 168 නිවසේ විසූ කුමාරැන්නැලාගේ කරුණාදාස ඩයස් උපාසක මහතා අවුරුදු 81 ක් ආයුවළඳා පරලෝ සැපත් විය. ඒ පිළිබඳ අවසන් කටයුතු 2011-01-29 වන දින සවස 4.00 ට ගොරකාන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. මෙයට ශෝකයටපත් දයාබර බිරිඳ ඇතුළු දූ දරු පිරිස. සොපිලින් සිල්වා (භාර්යාව) ජයන්ති ඩයස් (දියණිය) උපසිරි ඩයස් (පුතා) මාලනී ඩයස් (දියණිය) අජිත් වසන්ත සිල්වා (බෑනා). 031228

කේ. ජී. මදුරාවතී උපාසිකා මාතාව - ආයුර්වේද වෛද්‍යාචාර්ය ඩී. ඩී. විජයානන්ද මහතාගේ ආදරණීය භාර්යාව වූද, විජයන්ති, උදයන්ති, රොහාන් ඩයස්, මොහාන් රාජකුමාර (ප්‍රාදේශීය සභා මන්ත්‍රී - බේරුවල), සමන්ත ඩයස්, විජයානන්ද ඩයස් (ආයුර්වේද වෛද්‍ය) යන අයගේ ආදරණීය මෑණියන් වූද, ඩික්සන්, නිශාන්ත, චන්දිමා, චමිලා, රසිකා හා නදීතාගේ ආදරණීය නැන්දනියවූ කේ. ජී. මදුරාවතී උපාසිකා මාතාව අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 29 සෙනසුරාදා ප. ව. 4.00 ට අළුත්ගම ආදාහනාගාරයේදී සිදුකෙරේ. අවමගුල් පෙරහැර ප. ව. 3.00 ට නිවසින් පිටත්වේ. කප්පිත්තන්ගොඩ, බේරුවල. 029027

ඩබ්ලිව්. එච්. එම්. පුංචිබණ්ඩා මහතා හල්මිල්ලෑව, කරඹේ, මහව විසූ හිටපු ගම්සභා නියෝජිත හා භූත වෛද්‍යාචාර්යය එ. ඩ්. ර්. පුංචිබණ්ඩා නිළමතුමා 2011.01.27 දින අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2011.01.30 වන දින කරඹේ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දැනුම් දෙන්නේ ශෝකයට පත් බිරිඳ හා දූ දරු පිරිස. 031177

පී. බී. යාපා මහතා (විශ්‍රාමලත් රජයේ ආදායම් පරීක්ෂක - බණ්ඩාරවෙල, ගාල්ල සහ දෙහිවල නගර සභා) නැසීගිය මල්ලිකා යාපා මහත්මියගේ ස්වාමිපුරුෂයා වූද, බන්දුල, මංජුල යන අයගේ පියාණන් වූද, ජෝතිපාල, සීලවතී, තිස්ස, සමරනායක, සුමනා, දයා සහ චන්ද්‍රාගේ ආදරණීය සොහොයුරා වූද, දිලිනි, මරීනා යන අයගේ මාමණ්ඩිය වුද, ඕෂිනී, සුලක්ෂි, බුවනජ යන අයගේ සීයා වූද, පී. බී. යාපා මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 30 වන ඉරිදා සවස 4.00 බොරැල්ල ආදාහනාගාරයේදී සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු. මෙයට, ශෝකයට පත් දූ දරු පිරිස, 24/8, ශ්‍රී සිද්ධාර්ථ පාර, කිරුලපන, කොළඹ 05. 031260

D.M.S.K. මුණසිංහආරච්චි මහතා - මල්කාන්ති මුණසිංහආරච්චිගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, මල්ෂා සහ මධුෂා යන අයගේ ආදරණීය පියාණන් වූද, අජිත් කොඩිතුවක්කුගේ ආදරණීය මාමණ්ඩිය වූද, රත්මලාන බිහිරි විද්‍යාලයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ඩී.එම්.එස්.කේ. මුණසිංහආරච්චි මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු පන්නිපිටිය ආදාහනාගාරයේදී ප.ව. 6.00 ට සිදු කෙරේ. පිටත්වීම පිළියන්දල, සිද්දමුල්ල, යෝධ මාවත, අංක 4 නිවසෙන් ජනවාරි 29 වන සෙනසුරාදා ප.ව. 4.00 ට. මෙයට ශෝකයට පත් භාර්යාව සහ දූදරුවන්. 026604

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා