මුද්‍රණය සඳහා

 
නාම යෝජනා ප්‍රතික්ෂේප කළාට සන්ධානය නඩු මඟට

නාම යෝජනා ප්‍රතික්ෂේප කළාට සන්ධානය නඩු මඟට

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ සියලු ආයතන සඳහා ඉදිරි සතියේදී අභියාචනාධිකරණයේ නඩු ගොනු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. පළාත් පාලන මැතිවරණ පනතේ නොමැති ප්‍රතික්ෂේපවීම් සිදුවී තිබෙන බව පවසන මහලේකම්වරයා තාක්ෂණ වැරැදි මත පවා නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙන බවද ප්‍රකාශ කරයි. 

ඉදිරි සතියේ නඩු පැවරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙන බව පවසන මහලේකම්වරයා යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පමණක් එ. ජ. නි. ස. නාම යෝජනා 19ක් ප්‍රතික්ෂේප වී තිබෙන බවද කීය. දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල එක්සත් ජනතා නිදහස් සන්ධාන නාම යෝජනා 15ක් ප්‍රතික්ෂේප වී තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]