දේශපාලන පක්ෂ-ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා 450ක් ප්‍රතික්ෂේප වෙයි
දේශපාලන පක්ෂ-ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා 450ක්
ප්‍රතික්ෂේප වෙයි
ස්වර්ණා විජේකෝන් සහ සුභාෂිනි සේනානායක
පළාත් පාලන මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ
නාම යෝජනා 450ක් ප්‍රතික්ෂේප වී තිබේ. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ
නාම යෝජනා සංඛ්‍යාව 2047 කි.
ඉන් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා 1597ක් පිළිගෙන ඇති බව
මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි. කොළඹ දිස්ත්‍රික්කය සඳහා පිළිගත් පක්ෂ
ඉදිරිපත් කළ නාම යෝජනා සංඛ්‍යාව 40ක් වන අතර ස්වාධීන කණ්ඩායම් 25ක් නාම යෝජනා භාරදී
තිබේ.
ඉන් පිළිගත් පක්ෂවල නාම යෝජනා 11ක්ද ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා 12ක්ද
ප්‍රතික්ෂේප වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 88ක්ද ස්වාධීන කණ්ඩායම් 58ක්ද නාම
යෝජනා භාරදී තිබේ. ඉන් පිළිගත් පක්ෂ 8කද ස්වාධීන කණ්ඩායම් 32කද නාම යෝජනා
ප්‍රතික්ෂේප වී තිබේ.
මෙවර මැතිවරණය සඳහා පිළිගත් පක්ෂවලින් ඉදිරිපත් වූ නාම යෝජනා සංඛ්‍යාව 1282කි.
ස්වාධීන කණ්ඩායම් 765ක් නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.
පිළිගත් දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ නාම යෝජනා 148ක්ද ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ
නාම යෝජනා 302ක්ද ප්‍රතික්ෂේප වී ඇත.
මේ අනුව පිළිගත් දේශපාලන පක්ෂ වල නාම යෝජනා 1134ක්ද ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා
463ක්ද පිළිගෙන ඇති බව මැතිවරණ ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් ‘දිනමිණට’ පැවසීය.
මෙවර පළාත් පාලන ආයතන 301ක් සඳහා නියෝජිතයෝ 3931 ක් තෝරා ගැනෙති.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් 12,773,113 ක් සුදුසුකම් ලබා තිබෙන අතර පළාත්
පාලන මැතිවරණය ලබන 17 වනදා පැවැත්වේ.
.
|