මුද්‍රණය සඳහා

 
මුතුහෙට්ටිගමට වරෙන්තු

මුතුහෙට්ටිගමට වරෙන්තු

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට මුතුහෙට්ටිගම මහතා අධිකරණයේ පෙනී නොසිටීම නිසා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් තාමර තෙන්නකෝන් මහතා ඊයේ (28) මුතුහෙට්ටිගම මහතාට වරෙන්තු නිකුත් කළේය.

2009 නොවැම්බර් මස 5 වැනි දින දකුණු පළාත් සභාවේ වැඩබලන ප්‍රධාන ලේකම් ඇම්. ජී. කේ. පෙරේරා මහතාගෙන් වාහනයක් ඉල්ලා බැණ වැදීම සම්බන්ධයෙන් මුතුහෙට්ටිගම මහතාට විරුද්ධව මේ නඩුව පවරා තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]