අතරමඟ පාසල් ගමන නතර කළ වයඹ දරුවන්ට යළි පාසල් වරම්

අතරමඟ පාසල් ගමන නතර කළ වයඹ දරුවන්ට යළි පාසල් වරම්

විවිධ හේතූන් නිසා පාසල් යාමේ වරම් නොලැබූ එමෙන්ම පාසල් ගමන අතර මඟ නතර කෙරුණු වයඹ පළාතේ දරුවන් පිළිබඳව සමීක්ෂණයක් මගින් තොරතුරු ලබාගෙන ඔවුන්ගෙන් දරුවන් 5141 දෙනෙකු පසුගිය වසර පහ ඇතුළත පාසල් ගත කර ඇතැයි වයඹ ප්‍රධාන ඇමැති අතුල විජේසිංහ මහතා පැවසීය. එසේම උසස් අධ්‍යාපනය සඳහා යොමු නොවූ පාසල් සිසුන් 24101 කට පසුගිය වසර පහ ඇතුළත වෘත්තිය පුහුණුව ලබා දී ඇති අතර, සිසුන් 2594 දෙනෙකු ස්වයං රැකියා සඳහා යොමුකර තිබේ.

පසුගිය වසර පහ ඇතුළත වයඹ පළාතේ පරිගණක සාක්ෂරතාව වැඩිකිරීම සඳහා පාසල් පරිගණක විද්‍යාගාර 736 ක් ස්ථාපනය කර ඇති අතර, ගුරුවරු 8000කට පරිගණක පුහුණුව ලබාදී ඇත. එසේම ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය උදෙසා 2011 වසර වෙනුවෙන් රුපියල් දසලක්ෂ 257.8 ක් වෙන් කෙරෙන බවද ප්‍රධාන ඇමැතිවරයා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා