මුද්‍රණය සඳහා

 
කඩුවෙල කොම්පෝස්ට් අංගණය පළාතට සම්පතක්

කඩුවෙල කොම්පෝස්ට් අංගණය පළාතට සම්පතක්

කඩුවෙල කොට්ඨාසයේ නිවාස, කර්මාන්තශාලා, විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මගින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය මගින් පරිසරයට සිදුවන හානිය වැළැක්වීම හා එම අපද්‍රව්‍ය නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීමට කඩුවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජී. එච්. බුද්ධදාස මහතාගේ සංකල්පයකට අනුව කඩුවෙල වෙලේහන්දිය ප්‍රදේශයේ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් හා කොම්පෝස්ට් අංගණයක් පිහිටුවා ඇත.

 කඩුවෙල ප්‍රා. සභාවේ හිටපු සභාපති ජී. එච්. බුද්ධදාස

2005 වසරේදී ඇරඹි මේ ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ද ඉදිවෙමින් පවතී. පරිසර අධිකාරිය, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ පූර්ණ මැදිහත්වීමෙන් ඇරඹි මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සිදුවන්නේ කඩුවෙල ප්‍රාදේශීය සභාව මගිනි.

කඩුවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජී. එච්. බුද්ධදාස මහතා - පරිසර අධිකාරිය, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය එකතුව මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවූවා. මේ වන විට සේවකයන් 18 දෙනකුගෙන් සැදුම්ලත් පිරිසක් මෙහි රැකියාව කරනවා. කඩුවෙල ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් 10 ක් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවා තියෙනවා. මෙහි නිර්මාණය කර ඇති ජීවවායු ඒකකය මගින් මධ්‍යස්ථානයේ පරිහරණයට ගෑස් නිපදවනවා. අනාගතයේදී මේ මගින් විදුලිය බලය ලබාගැනීමේ අරමුණක් ද තියෙනවා.

ප්‍රජා සංවර්ධන නිලධාරී ලලිත් නානායක්කාර මහතා - කඩුවෙල හැම ප්‍රදේශයකින්ම එකතුවෙන අපද්‍රව්‍ය මෙතැනට ගෙනාවට පස්සේ පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු, කාඩ්බෝඩ් වැනි දේවල් වෙන්කරලා එළවළු, පලතුරු හා ශාක වැනි දිරන ද්‍රව්‍ය පදම් වෙන්නට තැබීමෙනුයි පොහොර හදාගැනීම සිදුකරන්නේ.

කඩුවෙල ස්ථාන කිහිපයකම පිහිටුවා ඇති සම්පත් පියස අපද්‍රව්‍ය මධ්‍යස්ථාන හරහා එකතුවන අපද්‍රව්‍ය මෙතැනට රැගෙන එනවා. සේවකයන් රැසකගේ සාමූහික ප්‍රයත්නයේ අවසාන ප්‍රතිඵලයෙන් කොම්පෝස්ට් පොහොර හැදෙනවා වගේම, නගරය ලස්සන වෙනවා. වගා කටයුතුවලට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර පැකට් අලෙවිය සිදුකිරීම සඳහා ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මක කරන අලෙවිසලක් ද තියෙනවා.
 

 අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය
කිරීමට ගබඩා කර ඇති අයුරු.

 කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර්

අලෙවියට සූදානම් කළ කොම්පෝස්ට් පොහොර


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]