ගලුගල්ලේ ගල් ඒදණ්ඩ සංරක්ෂණය කරන්න

ගලුගල්ලේ ගල් ඒදණ්ඩ සංරක්ෂණය කරන්න

කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාලතම ගල් ඒදණ්ඩ කෑගල්ල, රන්දෙනිය – කලුගල්ල මාර්ගයේදී දැකගත හැකිය. කලුගලින් නිමකරණ ලද බැමි දෙකක් මත 1934 වර්ෂයේදී ඉදිකරණ ලද මේ ගල් ඒදණ්ඩ දිගින් අඩි 16 කි. එහි පළල අඩි තුනක් වන අතර, ඒදණ්ඩේ දිගින් අඩි 16 කි. එහි පළල අඩි තුනක් වන අතර, ඒදණ්ඩේ ඝනකම අඩි දෙක හමාරකි. මෙම ගල් ඒදණ්ඩ අදටත් භාවිත කළ හැකි තත්ත්වයේ පැවතීම ද විශේෂත්වයකි. මෙම “කලුගල්ලේ ගල් ඒ දණ්ඩ” පිළිබඳ තොරතුරු සොයා අපි පසුගියදා එහි ගියෙමු.

එහිදී මෙම ගල් ඒදණ්ඩේ අතීතය පිළිබඳව තොරතුරු “දිනමිණ” ට හෙළි කළ කලුගල්ල, වෙලේගෙදර පදිංචි ඊ. ආර්. හීන්බණ්ඩා මහතා. - මම ඉපදුණේ 1936 දී. මෙම ගල් ඒදණ්ඩ 1934 වර්ෂයේදී ඉදිකළ බව එහි සටහන් කර තිබෙනවා. මම හතර කෝරළේ හැම තැනම ඇවිදලා තිබෙනවා. මෙවැනි විශාල ගල් ඒදණ්ඩයක් ඒ කිසිම තැනකදී මම දකලා නැහැ. මේ ගල් ඒදණ්ඩ හැදුණ හැටි අපේ තාත්තලා, අත්තලා කියනවා මට ඇහිලා තිබෙනවා. ඒ විස්තර අනුව මේ ගල් ඒදණ්ඩ මෙතැනි හදලා තිබෙන්නේ හිටපු ඇමැති පී. බී. ජී. කලුගල්ල මහත්තයාගේ අත්තා. ඒ මහත්තයා කලුගල්ලේ ආරච්චි වසම කරන කාලේ මේ ගල් ඒදණ්ඩ හදලා තිබෙනවා.

ඒදණ්ඩ තිබෙන තැනට සැතපුම් භාගයක් විතර දුර කන්දේවත්ත කියන තැනදී මේ ගල්ඒදණ්ඩ හදලා මෙතැනට ගෙනවිත් තිබෙනවා. ප්‍රදේශයේ ප්‍රසිද්ධ අල හතර පස් දෙනෙක්ම ඇවිත් බැලුවත් ඒ එකම අලියකුටවත් මේ ඒදණ්ඩ ඇදගෙන එන්න බැරිවලා. ඊට පස්සේ හාල්මැස්ඪ එහෙම නැතිනම් හාල්මැහිකඳුර කියන ප්‍රදේශයේ ඇතින්නක් මේ ගල් ඒදණ්ඩ අදින්න ගෙනැවිත්. ඒ ඇත්ගොව්වා දවසක් රාත්‍රියේ පොල් කඳන් කීපයක් මගින් ඒදණ්ඩ මෙතැනට ගෙනැවිත්. ඒ කාලේ හැටියට ඇත්ගොව්වාට රුපියල් පහක් හෝ හයක් කුලිය දීලා රා බෝතල් දෙකකුත් දුන්නාලු. මෙවැනි ඓතිහාසික වටිනාකමක් ඇති දේ රැකගැනීමට වැඩපිළිවෙළක් කවුරුන් හෝ යොදනවා නම් හොඳයි.”
 

අලුතින් ඉදිකර ඇති පාලම හා මාර්ගය

කලුගල්ලේ ගල්ඒදණ්ඩ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා