මුද්‍රණය සඳහා

 
පළමු වැඩිහිටි දහම් පාසල අකුරැස්ස ගොඩපිටියේ ඇරැඹේ

පළමු වැඩිහිටි දහම් පාසල අකුරැස්ස ගොඩපිටියේ ඇරැඹේ

ශ්‍රී ලංකාවේ පළමු වරට ක්‍රියාත්මක වනු ලබන වැඩිහිටි දහම් පාසල් සංකල්පයේ මුල්ම අදියර “වැඩිහිටි දහම් සංසදය” නමින් අකුරැස්ස ගොඩපිටිය ශ්‍රීී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පසුගියදා ආරම්භ කෙරිණි. දහම් දැනුමින් පිරිපුන් යහපත් ආකල්පයෙන් හෙබි සදාචාරවත් කුසලතාවන් සහිත ජීවන පුරුදු ඔස්සේ මිනිසා විසින් මිනිසාට පිිහිට වීමේ අරමුණින් මෙය ආරම්භ කරන ලද්දේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති උත්සවයට සමගාමීවය.

අකුරැස්සේ සියලුම වැඩිහිටියන් සම්බන්ධ කර ගනිමින් ඇරැඹි මෙම දහම් සංසදය තුළින් බෞද්ධ සංස්කෘතික අවබෝධය, බෞද්ධ දාර්ශනික අවබෝධය සහ බුදු දහම ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීම ආදී අංශ තුනක් ඔස්සේ ක්‍රියාත්මක කැරේ. මේ විෂය ක්ෂේත්‍ර ඔස්සේ සෑම මසකම පළමුවන සතියේ සෙනසුරාදා දින පස්වරු 3 සිට 5.30 දක්වා පැය 2.30 ක කාලයක් මේ ක්‍රියාවලිය සිදුකරන බවත් තලහගම ඉන්දරතන හිමියෝ සහ ග්‍රාම නිලධාරී ගාමිණී ගමනායක මහතා ‘දිනමිණ’ට පැවැසූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]