කළුතර බස් නැවතුම් පොළක් දෙන්න

කළුතර බස් නැවතුම් පොළක් දෙන්න

කළුතර - කෙත්හේන මාර්ගයේ “රිච්මන්ඩ් කාසල්” ආයතනය පසු කරමින් යන විට පන්විල හේනවත්ත බස් නැවතුම හමුවේ. එම බස් නැවතුම පසුවී සෑහෙන දුර ප්‍රමාණයක් යනතෙක් බස් නැවතුම්පොළක් නොමැති බැවින් මගීහු මහත් අසීරුතාවයට පත්ව සිටිති.

රාත්‍රී කාලයේ පන්විල හේනවත්තෙන් බැස ගන්නා මගීහු තවත් ඉදිරියට යා යුත්තේ අදුරු පාළු සොහොන් භූමියක් ද පසු කරමිනි. එම නිසා පන්විල හේනවත්තත් “හිල්වීව්” පාරත් අතරට බස් නැවතුම්පොළක් ලබාදෙන මෙන් අදාළ බලධාරීන්ගෙන් මගීහු ඉල්ලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා