රුසියානු තානාපති කුසලානයට චෙස් තරගාවලියක්

රුසියානු තානාපති කුසලානයට චෙස් තරගාවලියක්
 

රුසියානු තානාපති විලැඩිමීර් මිහයිලෝවි මහතා තරඟ සමාරම්භයට කුසලානය තරඟ සංවිධායිකා ඇනටෝලි කාර්පෝවි චෙස් සමාජයේ සභාපතිනි සුනීතා විජේසූරිය මහත්මියට ලබා දුන් අවස්ථාව. රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරි බුද්ධපි‍්‍රය රාමනාක අධ්‍යක්ෂ අයිරන් අක්මතෝවි මහත්වරු ඡායාරූපයේ සිටිති.

කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ඇනටෝලි කාර්පෝවි චෙස් සමාජය සංවිධානය කරනු ලබන රුසියානු තානාපති කුසලාන අභියෝගතා කණ්ඩායම් චෙස් තරඟාවලිය පෙබරවාරි 11,12 සහ 13 දිනයන්හි ඉසිපතන විදුහලේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා පාසැල්, විශ්වවිද්‍යාලය, චෙස් ක්‍රීඩා සමාජ, රාජ්‍ය ආයතන හෝ වෙළඳ ආයතන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වයස අවුරුදු 18න් ඉහළ 5 දෙනෙක් කණ්ඩායම් වශයෙන් සහභාගී විය හැක.

ත්‍යාග වශයෙන් රුසියානු තානාපති කුසලානයට අමතරව මුදලින් රු.30000/- ක් පිරිනමන අතර රන් රිදී, ලෝකඩ පදක්කම්ද පිරිනැමේ. හොඳම කාන්තා කණ්ඩායමට ද කුසලානයක් හිමි වේ. කණ්ඩායම් ලියාපදිංචිය පෙබරවාරි 8 වෙනිදාට පෙර කළ යුතු අතර ප්‍රථමයෙන් ලියාපිදිංචි වන කණ්ඩායම් 100 තරගාවලියට සුදුසුකම් ලබනු ඇත. වැඩි විස්තර සඳහා දුරකථන 0712726210 මඟින් සුනීතා විජේසූරිය මහත්මිය අමතන්න.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා