ලෝක කුසලාන ආකෘතිය මහියංගණයට එයි

ලෝක කුසලාන ආකෘතිය මහියංගණයට එයි

2011 ලෝක කුසලාන (ධ්ඛ්ඛ්) තරගාවලිය සඳහා පොදු ජනතාව දිරිගැන්වීමේ වැඩසටහනක් ලෙස ලෙදර් බෝලයක ආකෘතියක් රැගෙන ජංගම රිය පෙරහැරක් ලංකාව පුරා සංචාරයක නිරතව සිටින අතර එම රිය පෙරහැර ඊයේ (27) දා සවස මහියංගණ නගරයට පැමිණියහ.

ලෙදර් බෝල ආකෘතියේ විවිධ පුද්ගලයින් පැමින තම අත තීන්තවලින් ආලේප කර එම අත්ලේහි රූප සටහන ලෙදර් බෝලයේ තැබීම මෙහිදී සිදුවිය. මෙයට විශාල ජනතා ප්‍රතිචාරයක් ද ලැබිණි. මෙයට අමතරව 1996 දී රැගෙන ආ වීල්ස් ලෝක කුසලානය ජනතාවට දැක ගැනීමට සැලස්වීම ද සිදුවිය. මහියංගණ පෞද්ගලික බස් රථ අංගනය ඉදිරිපිට දී මෙය සිදුවූ අතර එහි අවස්ථාවක් පිංතූරයෙන් දිස්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා